ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරතවීම වළක්වාලමින් කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය නියෝගයක් ලබාදීමෙන් පසු, ගාලුමුවදොර ආසන්න මාර්ගයේ ඉදිකර තිබූ තාවකාලික අට්ටාල ඉවත් කිරීමට විරෝධතාකරුවන් පියවර ගෙන තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීම වැළැක්වීම සඳහා පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව අදාළ නියෝගය නිකුත් කර තිබුණි.
පොලිසිය විසින් එම අධිකරණ නියෝගය ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැඳී සිටි භික්ෂූන් වහන්සේලා වෙත කියවා භාරදීමටද පියවර ගෙන ඇත.
පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ “සිවුරට යුක්තිය – නිදහසේ පා ගමන” සඳහා එක්වූ භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිසක් ඊයේ සිට එම ස්ථානයේ රැඳී සිටියහ.
















