මෙරට සිටින විශාලතම සහ උසම වන අලියෙකු ලෙස ප්රකට ‘කාවන්තිස්ස’ හස්තිරාජයා මීට සුළු මොහොතකට පෙර මියගොස් තිබේ.
අසනීප තත්ත්වයෙන් පසුවූ මෙම හස්තිරාජයා අද උදෑසන සියඹලන්ගමුව ප්රදේශයේ වෙල් යායක ඇදවැටී සිටියදී හමුවූ අතර, පශු වෛද්යවරුන් සහ අදාළ අංශ විසින් ඔහු බේරා ගැනීමට දැඩි පරිශ්රමයක් දරමින් සිටියදී මෙම කණගාටුදායක පුවත වාර්තා වී ඇත. ගල්ගමුව ප්රදේශයේ ජීවත් වූ මෙම ඇතාගේ ඉදිරි දකුණු පාදයේ වෙඩි වැදීමකින් ඇති වූ බව කියන තුවාලයකට පසුගියදා ප්රතිකාර ආරම්භ කර තිබුණු අතර, පාදයේ තුවාලය යම්තාක් දුරට සුව වුවද, පසුගිය දින කිහිපයේ ආහාර නොගැනීම ඇතුළු අනෙකුත් රෝගී තත්ත්වයන් හේතුවෙන් ඔහු මෙලෙස මියගොස් තිබේ.
















