ශ්රී ලංකාවට අවශ්ය තාර තොග යුරෝපයෙන් සහ චීනයෙන් ලැබෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති සුනිල් බණ්ඩාරනායක පවසයි.
මීට පෙර මෙරට මාර්ග පද්ධතියට අවශ්ය තාර තොග ඉරානයෙන් පමණක් මිලදී ගත් නමුත්, හෝමුස් සමුද්ර සන්ධිය වසා දැමීම හේතුවෙන් මාර්ග සංවර්ධන අධිකාරිය තාර හිඟයකට මුහුණ දී සිටියේය. ඒ අනුව, රජය චීනය, යුරෝපය සහ තායිලන්තය ඇතුළු රටවල් කිහිපයකින් තාර සාම්පල ගෙන්වා පරීක්ෂා කර අවශ්ය අනුමැතීන් ලබාගෙන ඇති අතර, කෙටි කලකදී දිවයින පුරා මාර්ග සංවර්ධන කටයුතු යළි සාමාන්ය පරිදි ක්රියාත්මක කිරීමට හැකි වනු ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය ප්රකාශ කරයි.















