වෛද්ය ප්රතිකාර ලබා ගැනීම සඳහා විදෙස්ගත වීමට තමන්ට පනවා ඇති විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස ඉල්ලමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය හමුවේ මෝසමක් ගොනු කර තිබේ.
අදාළ වෛද්ය ප්රතිකාර කටයුතු සඳහා විදේශගත වීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලමින් මෙම මෝසම ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
















