තායිලන්තයේ නියෝජ්ය අගමැතිනි සුපජී සුතුම්පුන් මහත්මියගේ ශ්රී ලංකා සංචාරයේදී ඇයට කිසිදු රාජ්ය තාන්ත්රික පිළිගැනීමක් හෝ ආරක්ෂාවක් ලබා නොදීම මඟින් මාලිමා රජයේ අපරිණත විදේශ පිළිවෙත යළිත් තහවුරු වී ඇති බව එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් ප්රකාශ කරයි.
මිහින්තලය මිහිඳු මහ සෑ රදුන්ගේ කොත් වහන්සේ නිරාවරණ පූජෝත්සවයට ප්රධාන ආරාධිත අමුත්තිය ලෙස සහභාගී වූ තායිලන්ත නියෝජ්ය අගමැතිනියට මෙලෙස සලකමින් ‘කුඩම්මාගේ සැලකිල්ලක්’ දැක්වූයේ මන්දැයි බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්යවරයා වහාම රටට හෙළි කළ යුතු බව එජාපය පෙන්වා දෙයි. විදේශීය නායකයින්ට රාජ්ය තාන්ත්රික පිළිගැනීම සහ ආරක්ෂාව ලබාදීම සාම්ප්රදායිකව සිදුවන්නක් බවත්, මීට පෙර බලයේ නොසිටි බ්රිතාන්යයේ හිටපු අග්රාමාත්ය ඩේවිඩ් කැමරන් පෞද්ගලික සංචාරයක පැමිණි අවස්ථාවකදී පවා එවකට රජය විශේෂ ආරක්ෂාව ලබාදුන් බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
















