දිවයිනේ පළාත් හතක් සඳහා ප්රබල අකුණු සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ මධ්යම, සබරගමුව, උතුරු, උතුරු මැද, වයඹ, නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවයි.
ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලික තද සුළං ද ඇති විය හැකි බැවින්, අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
අද (21) පෙරවරු 11.30ට නිකුත් කළ මෙම නිවේදනය හෙට (22) අලුයම 1.30 දක්වා වලංගු වේ.














