ශ්රී ලාංකේය වේදිකා නාට්ය, සිනමා සහ ටෙලි නාට්ය ක්ෂේත්රයට දශක ගණනාවක් පුරා සිය දායකත්වය ලබාදුන් අභාවප්රාප්ත ප්රවීණ රංගන ශිල්පී රහල් බුලත්සිංහල මහතාගේ අවසන් කටයුතු ලබන ඉරිදා පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.
මහජන ගෞරවය සඳහා ඒ මහතාගේ දේහය අද (23) පෙරවරුවේ සිට බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබේ.
කළක් රෝගාතුරව ප්රතිකාර ලබමින් සිටි රහල් බුලත්සිංහල මහතා අභාවප්රාප්ත වන විට 73 වැනි වියේ පසුවිය. ඔහු ප්රවීණ රංගන ශිල්පිනී සුසිලා කෝට්ටගේ මහත්මියගේ ආදරණීය ස්වාමිපුරුෂයා ද වේ.
සිය දීර්ඝ කලා දිවිය තුළ වේදිකා නාට්ය රැසකට රංගනයෙන් දායක වූ ඔහු, ‘පාතාලය සොල්දාදුවෝ’ සහ ‘බයිසගේ වාඩිය’ වැනි ජනප්රිය වේදිකා නාට්ය හරහා ප්රේක්ෂක ආදරය දිනාගත්තේය.
එමෙන්ම ‘මහින්දාගමනය’, ‘රෝදේ’ සහ ‘මල්මාලා’ වැනි චිත්රපට සඳහා ද සිය රංගන දායකත්වය ලබාදුන් රහල් බුලත්සිංහල මහතාගේ අභාවය ශ්රී ලාංකේය කලා ක්ෂේත්රයට සිදුවූ පාඩුවකි.
අභාවප්රාප්ත රහල් බුලත්සිංහල මහතාට නිවන් සුව ලැබේවා!













