පසුගියදා දිවයින පුරා සිදුවූ හදිසි විදුලි බිඳවැටීමත් සමඟ අක්රීය වූ නොරොච්චෝල ගල්අඟුරු විදුලි බලාගාරයේ ජනන යන්ත්ර තුනම යළි සක්රීය කර ජාතික විදුලි පද්ධතියට එක් කිරීමට පියවර ගෙන තිබේ.
පසුගිය 17 වැනිදා සිදුවූ හදිසි විදුලි බිඳවැටීමත් සමඟ බලාගාරයේ ජනන යන්ත්ර තුනම ක්රියා විරහිත විය.
එම හදිසි තත්ත්වයෙන් පසු ආරක්ෂිත පියවරක් ලෙස බලාගාරය දින කිහිපයක් යනතුරු ජාතික පද්ධතියට සම්බන්ධ නොකිරීමට තීරණය කළ බව ජාතික පද්ධති ක්රියාකරු පෞද්ගලික සමාගම මීට පෙර සඳහන් කර තිබුණි.
හදිසි බිඳවැටීමකින් පසු අනුගමනය කරනු ලබන සාමාන්ය ආරක්ෂිත ක්රියාපටිපාටිය අනුව එම පියවර ගත් බව ද එම සමාගම නිවේදනය කර තිබේ.
කෙසේ වෙතත්, මේ වනවිට ජනන යන්ත්ර තුනම යළි සක්රීය කර ජාතික විදුලි පද්ධතියට එක් කර ඇති බව වාර්තා වේ.















