එළඹෙන ඉන්දීය ප්රිමියර් ලීග් (IPL) තරගාවලිය වෙනුවෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නව ප්රධාන පුහුණුකරු ලෙස බටහිර ඉන්දීය කොදෙව් හිටපු සුපිරි තුන්ඉරියව් ක්රීඩක කිරන් පොලාර්ඩ් පත්කර තිබේ.
මීට පෙර එම කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කළ පොලාර්ඩ්, මහේල ජයවර්ධන ප්රධාන පුහුණුකරු ධුරයෙන් ඉවත් වීමෙන් පසු එම තනතුරට පත්කර ඇති බව ඉන්දීය මාධ්ය වාර්තා කරයි. මහේල ජයවර්ධනගේ පුහුණුකාරීත්වය යටතේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම IPL ශූරතා තුනක් දිනාගෙන තිබේ.
වසර 13කට අධික කාලයක් ක්රීඩකයෙකු ලෙස මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කළ පොලාර්ඩ් එහිදී ලකුණු 3,915ක් රැස්කර ඇත. එම කාලය තුළ කණ්ඩායම දිනාගත් IPL ශූරතා පහටම දායක වූ ක්රීඩකයෙකු ලෙස ද ඔහු සැලකේ.
















