ගල්ගමුව සහ අඹන්පොල අතර කාසිකෝටේ ප්රදේශයේ ඉදිකරන ලද වන අලින් සඳහාම වෙන් වූ උමං මාර්ගයේ ඉදිකිරීම් කටයුතු නිල වශයෙන් අවසන් කර තිබේ.
දුම්රිය මාර්ගයට යටින් ඉදිකර ඇති මෙම උමං මාර්ගය, මිනිස්–අලි ගැටුම අවම කිරීම සහ දුම්රියේ ගැටීමෙන් සිදුවන අලි මරණ වැළැක්වීමේ අරමුණින් සැලසුම් කර ඇත. ඒ හරහා දුම්රිය පීලි හරහා නොගොස්, දුම්රිය මාර්ගයේ දෙපස පිහිටි වාසභූමි අතර ආරක්ෂිතව ගමන් කිරීමට වන අලින්ට අවස්ථාව සැලසේ.
මහව–ඕමන්ත දුම්රිය මාර්ග නවීකරණ ව්යාපෘතියේ වැදගත් කොටසක් වන මෙම ඉදිකිරීමේ වැඩකටයුතු 2024 මාර්තු මාසයේදී ආරම්භ කර තිබුණද, සැලසුම් හා මානයන් සම්බන්ධ ගැටලු හේතුවෙන් අවස්ථා කිහිපයකදී ප්රමාද වී තිබේ.
පසුව 2026 පෙබරවාරි මාසයේදී උසස් තාක්ෂණික ක්රමවේද යොදා ගනිමින් ඉදිකිරීම් නැවත ආරම්භ කර ඇත. පරිසර අමාත්යාංශයේ උපදෙස් මත උමග තුළ ජලය රැඳීම වැළැක්වීම සඳහා කාණු පද්ධති සකස් කර ඇති අතර, වන අලින්ට සෘජුවම ප්රධාන මාර්ගයට පිවිසීමට නොහැකි වන පරිදි බෑවුම්ද සැලසුම් කර තිබේ.














