නව යොවුන් වියේ පසුවන පාසල් සිසු සිසුවියන් තුළ කායික හා මානසික ඒකාග්රතාවය, ආත්ම විශ්වාසය සහ වගකීම් දැරීමේ හැකියාව ගොඩනැගීමේ අරමුණින් ශ්රී ලංකා පොලිස් ශිෂ්ය භට කොට්ඨාසය මඟින් ක්රියාත්මක කරනු ලබන 2026 පොලිස්පති කුසලාන ශිෂ්යභට කඳවුරේ සිව්වන දිනය (23) සාර්ථකව නිමාවට පත්ව තිබේ.
කළුතර පොලිස් විද්යාලයේදී 5 වන වරටත් පැවැත්වෙන මෙම කඳවුරේදී ශාරීරික ක්රියාකාරකම්, දරාගැනීමේ සහ අභියෝග ජයගැනීමේ පරීක්ෂණ සඳහා බාලක බාලිකාවන් ඉතා සාර්ථකව පෙනී සිටිමින් තම දක්ෂතා ප්රදර්ශනය කළහ. අනාගතයට ගැළපෙන අභිමානවත් පුරවැසියන් බිහිකිරීම සඳහා නීති දැනුමෙන් හා ප්රායෝගික පුහුණුවෙන් හෙබි මෙම කඳවුරේ සමාප්ති උළෙල ප්රභූවරුන්ගේ සහභාගීත්වයෙන් හෙට (25) උදෑසන අභිමානවත් අයුරින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති අතර, එහි සියලු අවස්ථා ශ්රී ලංකා පොලිස් නිල ෆেইස්බුක් පිටුව හරහා සජීවීව නැරඹිය හැකිය.














