මෙරට ධීවර කර්මාන්තයේ ප්රධාන ගැටලුවක් වන පසු අස්වනු හානිය අවම කර ශීත දාම පද්ධති සංවර්ධනය කිරීම සඳහා ජපාන ජාත්යන්තර සහයෝගිතා ආයතනය සමඟ විශේෂ සහයෝගිතා ව්යාපෘතියක් ආරම්භ කිරීමට ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්යාංශය කටයුතු යොදා තිබේ.
මෙම ව්යාපෘතියේ මූලික පියවරක් ලෙස සිදුකළ අවශ්යතා ඇගයීමෙන් අනතුරුව, ඊට අදාළ දත්ත රැස්කිරීමේ සක්යතා අධ්යයනය එළඹෙන නොවැම්බර් මාසයේ සිට 2027 පෙබරවාරි 28 දක්වා දිවයින පුරා තෝරාගත් වෙරළබඩ සහ ගැඹුරු මුහුදු ධීවර කලාප කේන්ද්ර කරගනිමින් පැවැත්වීමට නියමිතය. මෙමගින් මත්ස්ය සම්පත අපතේ යාම අවම කරමින් ජපානයේ දියුණු තාක්ෂණික ක්රමවේද මෙරටට හඳුන්වා දී ධීවර අස්වැන්නට ඉහළ වටිනාකමක් ලබාදීමට අපේක්ෂා කෙරේ.














