කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්රික්කවල ප්රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා නිකුත් කර තිබූ අදියර 01 යටතේ වන නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කටයුතු කර තිබේ.
ඒ අනුව මෙම අනතුරු ඇඟවීම අද (24) පස්වරු 4.00 සිට හෙට (25) පස්වරු 4.00 දක්වා බලාත්මක වන අතර, කෑගල්ල දිස්ත්රික්කයේ මාවනැල්ල, දැරණියගල, රුවන්වැල්ල, දෙහිඕවිට, අරණායක සහ යටියන්තොට, නුවරඑළිය දිස්ත්රික්කයේ අඹගමුව සහ නෝර්වුඩ් මෙන්ම රත්නපුර දිස්ත්රික්කයේ රත්නපුර, කුරුවිට සහ ඇලපාත යන ප්රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාවට මේ පිළිබඳව විමසිලිමත් වන ලෙස උපදෙස් දී ඇත.














