මෙරට වාහන වෙළඳපොළ තුළ පවතින අධික පිරිවැය සහ ප්රවාහන අවශ්යතා හමුවේ පාරිභෝගිකයින් වෙත වඩාත් දැරිය හැකි සහ පහසු වාහන හිමිකාරිත්වයක් ලබාදීම සඳහා සම්පත් බැංකුව සහ ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් (පුද්ගලික) සමාගම උපායමාර්ගික සහයෝගීතාවයකට එළඹ තිබේ. HAVAL, TANK, ORA සහ BAIC ඇතුළු ජනප්රිය මගී සහ විකල්ප බලශක්ති වාහන වෙනුවෙන් ක්රියාත්මක වන මෙම හවුල්කාරිත්වය, මෙරට මෝටර් රථ ක්ෂේත්රය සහ බැංකු පද්ධතිය ඒකාබද්ධ කරමින් පාරිභෝගිකයින්ට මූල්යමය සහන ලබාදීමට ගත් තීරණාත්මක ආයතනික පියවරක් ලෙස සැලකේ.
මෙම සුවිශේෂී සහයෝගීතාවය යටතේ වාහන කල්බදු පොලී අනුපාත සඳහා වාර්ෂිකව 0.5%ක වට්ටමක්, මාස දෙකක් ඇතුළත ගෙවීමේදී පොලී රහිත සහන, මාස 12 දක්වා 0% පොලී පදනම මත රක්ෂණ ගෙවීමේ පහසුකම් සහ නොමිලේ ක්රෙඩිට් කාඩ්පත් ලබාදීමට සම්පත් බැංකුව කටයුතු කර ඇත. ඊට අමතරව ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සමාගම විසින් නොමිලේ වාහන ලියාපදිංචි කරදීම සහ නොමිලේ ශ්රම පිරිවැය සහිත සේවා වාර තුනක් ලබාදෙමින් හිමිකාරිත්ව අත්දැකීම තවදුරටත් පහසු කිරීමට පියවර ගෙන තිබේ.
මෙරට ආර්ථිකයේ නම්යශීලීභාවය සහ මෝටර් රථ ක්ෂේත්රයේ නව පිබිදීම හමුවේ පාරිභෝගික සහ කුඩා හා මධ්ය පරිමාණ ව්යාපාරිකයන්ගේ ප්රවාහන අවශ්යතා සපිරීම උදෙසා මෙවැනි සහනදායී මූල්ය විසඳුම් හඳුන්වාදීම සුවිශේෂී පිටිවහලක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඉදිරියේදී දේශීය වාහන වෙළඳපොළෙහි ඉල්ලුම ඉහළ නැංවීමට මෙන්ම බැංකු හා මෝටර් රථ අංශ අතර පවතින සබඳතාව තවදුරටත් ශක්තිමත් කිරීමට මෙම පාරිභෝගික කේන්ද්රීය පියවර හේතු වනු ඇත.
















