මෙරට රක්ෂණ ක්ෂේත්රයේ රාජ්ය සහ පෞද්ගලික අංශයේ දැවැන්ත තරගකාරීත්වය හමුවේ ශ්රී ලංකා රක්ෂණ ජීවිත (SLIC Life) සමාගම රුපියල් බිලියන 247 ක සුවිශේෂී ජීවිත අරමුදලක් සහ රුපියල් බිලියන 275 ක සමස්ත වත්කම් පදනමක් වාර්තා කරමින් සිය ආයතනික ශක්තිය නැවත වරක් තහවුරු කරගෙන තිබේ. දශක හයකට අධික විශ්වාසනීය ඉතිහාසයක් හිමි සමාගම, විනයගරුක අරමුදල් කළමනාකරණය සහ දිගුකාලීන උපායමාර්ගික ආයෝජන මඟින් අත්කරගෙන ඇති මෙම මූල්ය ස්ථාවරත්වය, මෙරට මුල්ය ක්ෂේත්රයේ සුරක්ෂිතතාව පිළිබඳ පාරිභෝගික විශ්වාසය ඉහළ නැංවීමට හේතු වී ඇත.
මෙම ආයතනික වර්ධනයට සමගාමීව 2025 වසර සඳහා රක්ෂණ ඔප්පු හිමියන් වෙත රුපියල් බිලියන 14.68 ක දැවැන්ත ප්රසාද දීමනාවක් ප්රකාශයට පත් කිරීමට සමාගම කටයුතු කර ඇති අතර, ඒ අනුව 2006 වසරේ සිට මේ දක්වා ඔප්පු හිමියන් වෙත පිරිනමා ඇති සමුච්චිත ප්රසාද දීමනා ප්රමාණය රුපියල් බිලියන 131.28 දක්වා ඉහළ ගොස් තිබේ. ශාඛා ජාලයන්, නියෝජිතායතන සහ බැංකු රක්ෂණ නාලිකා මඟින් දිවයින පුරා පාරිභෝගික සම්බන්ධතා මධ්යස්ථාන 230කට අධික සංඛ්යාවක් සක්රීයව පවත්වාගෙන යන සමාගම, eKYC, ඩිජිටල් අත්සන් සහ ස්වයංක්රීයකරණය වැනි නූතන තාක්ෂණික මෙවලම් වෙනුවෙන් වැඩි ආයෝජනයක් සිදු කරමින් සිය සේවාවන් තවදුරටත් පුළුල් කර ඇත.
සමාගමේ ඔරොත්තු දීමේ හැකියාව සහ තිරසාර වර්ධනය ජාතික ආර්ථිකයේ ස්ථාවරත්වයට ද සපයන්නේ සුවිශේෂී පිටිවහලක් බව පෙන්වා දෙන එහි කළමනාකාරීත්වය, SLIC Life Pulse ජංගම යෙදුම ඇතුළු ඩිජිටල් පරිවර්තනයන් හරහා ඉදිරියේදී පාරිභෝගික සේවාවන්හි ගුණාත්මකභාවය තවදුරටත් ඉහළ නංවන බව ප්රකාශ කරයි. පවතින ආර්ථික අභියෝග හමුවේ වුවද SLIC Life සමාගම අත්කරගෙන ඇති මෙම මූල්ය ශක්තිය, ඉදිරි වසරවලදී මෙරට ජීවිත රක්ෂණ වෙළඳපොළෙහි ප්රමුඛස්ථානය තවදුරටත් ආරක්ෂා කර ගැනීමට මෙන්ම ජාතික මට්ටමේ ආයෝජන පුළුල් කිරීමට ද ප්රබල පදනමක් සකස් කරනු ඇත.














