මන්නාරම දිස්ත්රික්කයේ රෝහල් කිහිපයක පවතින ගැටලු හඳුනාගෙන ඒවාට කඩිනම් විසඳුම් ලබාදීමට සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා උපදෙස් ලබාදී තිබේ.
සෞඛ්ය අමාත්යාංශය සඳහන් කරන පරිදි, අමාත්යවරයා ඊයේ (24) පේසාලයි සහ වෙඩිතලතිව් ප්රාදේශීය රෝහල්වලත්, පෙරියමඩු ප්රාථමික සෞඛ්ය සත්කාර ඒකකයේත් නිරීක්ෂණ චාරිකාවක නිරත වී ඇත.
එහිදී රෝහල් වාට්ටු, සායන, හදිසි ප්රතිකාර ඒකක සහ සෞඛ්ය කාර්ය මණ්ඩලයේ නේවාසික පහසුකම් පිළිබඳව සොයා බලා තිබේ.
සෞඛ්ය කාර්ය මණ්ඩලය සමඟ පැවැති සාකච්ඡාවලදී හඳුනාගත් භෞතික පහසුකම්, මානව සම්පත් සහ සේවා සැපයීමේ ගැටලු සඳහා කෙටි, මධ්යම හා දිගුකාලීන විසඳුම් ක්රියාත්මක කිරීමට අවශ්ය පියවර ගන්නා ලෙසද අමාත්යවරයා අදාළ බලධාරීන්ට උපදෙස් දී ඇත.
බෝ නොවන රෝග කල්තියා හඳුනාගැනීම, රෝග නිවාරණය, සෞඛ්ය ප්රවර්ධනය සහ පෝෂණ වැඩසටහන් ශක්තිමත් කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු වී තිබේ.
මන්නාරම දිස්ත්රික්කයේ රෝහල් සඳහා ඖෂධ අඛණ්ඩව සැපයීම සහ සෞඛ්ය ආයතන අතර සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීමේ අවශ්යතාවද අමාත්යවරයා අවධාරණය කර ඇත.















