දිවුලපතාන ගම්මානයේ වගාබිම්වලට ගවයින් මුදාහැරීමෙන් සිදුවන බව කියන හානි පිළිබඳව රජයේ විශේෂ අවධානය යොමු විය යුතු බව දිඹුලාගල ආරණ්ය සේනාසනාධිපති පූජ්ය දිඹුලාගල රාහුලාලංකාර හිමියෝ පවසති.
අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ඔක්තෝබර් 24 වැනිදා ඓතිහාසික දිඹුලාගල ආරණ්ය සේනාසනය වෙත පැමිණි අවස්ථාවේදී උන්වහන්සේ මේ බව ප්රකාශ කර තිබේ.
ගඟෙන් මෙගොඩ දිඹුලාගල කේන්ද්ර කරගත් ගම්මාන සහ ගොවිබිම් ආරක්ෂා කරගැනීම සඳහා සුවිශේෂී රාජ්ය අවධානයක් අවශ්ය බව ද උන්වහන්සේ එහිදී පෙන්වා දී ඇත.
දිවුලපතාන ප්රදේශයේ ගොවිබිම්වලට සිදුවන හානි සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කර, ගොවි ජනතාවගේ ගැටලුවට විසඳුම් ලබාදීමේ අවශ්යතාව මෙම ඉල්ලීමෙන් අවධාරණය කෙරේ.
















