මෙරට වනඅලි සහ දළ ඇතුන් ආරක්ෂා කිරීම මෙන්ම අලි–මිනිස් ගැටුම අවම කිරීම සඳහා ත්රිවිධ හමුදාව සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව ජාතික වැඩපිළිවෙළක් ක්රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
ආරක්ෂක ලේකම් විශ්රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතාගේ සංකල්පයකට අනුව ඉදිරිපත් කළ මෙම වැඩපිළිවෙළ පිළිබඳ සාකච්ඡාවක් ඔක්තෝබර් 23 වැනිදා පරිසර අමාත්යාංශයේදී පැවැත්විණි. එය පරිසර අමාත්ය වෛද්ය ධම්මික පටබැඳි මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්විණි.
මෙම සැලසුම යටතේ ත්රිවිධ හමුදාව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පශු වෛද්ය විශේෂඥයන් සහ අදාළ ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම සඳහා යුද හමුදා මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට යෝජනා වී තිබේ.
වනඅලි ඝාතන සහ අනෙකුත් වනජීවී අපරාධ වැළැක්වීම, නිරීක්ෂණ කටයුතු හා තොරතුරු හුවමාරුව වැඩිදියුණු කිරීම සහ අලි–මිනිස් ගැටුම් බහුල ප්රදේශවල ඒකාබද්ධ මෙහෙයුම් සඳහා සහාය ලබාදීම ද මෙම වැඩපිළිවෙළේ ප්රධාන අරමුණු අතර වේ.
එමෙන්ම වනඅලි ආරක්ෂාව සම්බන්ධයෙන් හමුදා සාමාජිකයන්ට විශේෂ පුහුණුවක් ලබාදීමටත්, වනජීවී නිලධාරීන් සමඟ සමීප සහයෝගීතාවක් ඇති කිරීමටත් සැලසුම් කර තිබේ.
වනඅලි සහ ඇතුන් ආරක්ෂා කිරීමේ කටයුතු වඩාත් විධිමත්ව සම්බන්ධීකරණය කරමින් මිනිසුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සහ වනජීවී අපරාධවලට එරෙහි ක්රියාමාර්ග ශක්තිමත් කිරීම මෙම යෝජිත වැඩපිළිවෙළේ අරමුණයි.
















