ශ්රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්ය කේ.ඩී. ලාල් කාන්ත මහතා අතර හමුවක් පවත්වා තිබේ.
එහිදී දේශපාලනික කරුණු, කෘෂිකාර්මික නවෝත්පාදන සහ වත්මන් ජාත්යන්තර භූ-දේශපාලනික වර්ධනයන් පිළිබඳව සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත්, හමුවේදී ඇති කරගත් නිශ්චිත එකඟතා හෝ තීරණ පිළිබඳ වැඩිදුර තොරතුරු අනාවරණය වී නොමැත.














