පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් රඹුක්කන සිට පේරාදෙණිය සහ ගම්පොල අතර දුම්රිය ධාවනය නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
දුම්රිය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් කර ඇත.
එම මාර්ගවල දුම්රියෙන් ගමන් කිරීමට සැලසුම් කර ඇති මගීන්, ගමන ආරම්භ කිරීමට පෙර දුම්රිය ධාවනය පිළිබඳ නවතම නිල තොරතුරු විමසා බලන ලෙස දැනුම් දෙනු ලැබේ.













