දික්ඔය හොන්සි දෙමළ මහා විද්යාලයේ ශාලාවක තිබූ කබඩ් කඩා, එහි තැන්පත් කර තිබූ සිසුන්ගේ පොත්පත් සහ වැදගත් ලියකියවිලි ගිනි තබා විනාශ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නෝර්වුඩ් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.
පොලිසියට ලැබුණු පැමිණිල්ලට අනුව, ඔක්තෝබර් 24 වැනිදා පස්වරු 3.00ට පමණ මෙම සිදුවීම සිදුව ඇතැයි වාර්තා වේ. කබඩ්වල දොරවල් කඩා ඒවායේ තිබූ සිසුන්ගේ පොත්පත්, උප්පැන්න සහතික සහ ප්රශ්න පත්ර ඇතුළු ලියකියවිලිවලට ගිනි තබා ඇති බව සඳහන් වේ.
ශාලාවෙන් දුමාරයක් සහ ගින්නක් දුටු විදුහල්පතිවරයා මැදිහත් වී ගින්න නිවා දැමීමට කටයුතු කර ඇති අතර, එමඟින් ගින්න තවදුරටත් පැතිරීම වළක්වා ගැනීමට හැකිව තිබේ.
සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා නෝර්වුඩ් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.













