ශ්රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ NPTC කමිටු සාමාජිකාවක මෙන්ම උතුරු මැද පළාත් බැඩ්මින්ටන් සංගමයේ සභාපතිනිය වන 54 හැවිරිදි චන්ද්රිකා ද සිල්වා මහත්මිය මෙවර ජාතික මහ ක්රීඩා උළෙල සඳහා ක්රීඩිකාවක ලෙස තරග වැදුණාය. ඇය කළ යුත්තේ ක්රීඩා පරිපාලනයේ සිටින තැනැත්තියක ලෙස ක්රීඩාව සදහා නවක ක්රීඩකයන් එක් කිරීම වුවද තමන් තවම ක්රීඩා කිරීමට යෑම යනු සුදුසු නවක පරපුරක් බිහි නොකිරීම බව පැහැදිලිය. එසේම ඇය ද තරග කරන හෙයින් දක්ෂයන් ඉදිරියට ඒම වලක්වන්නේ ද යන චෝදනාව ද ඇයට එල්ල විය හැක්කේය.
වසර 20කට ආසන්න කාලයක් තිස්සේ උතුරු මැද පළාතෙන් නවක ක්රීඩක ක්රීඩිකාවන් බිහි කිරීම හෝ සංවර්ධනය කිරීම නොකිරීම හේතුවෙන් මේ ආකාරයට ඇයට ජාතික ක්රීඩා උළෙල සදහා තරග වැදීමේ අවස්ථාව තමන් විසින්ම නිර්මාණය කරගෙන ඇති බව ක්රීඩා කේෂ්ත්රයේ කතා බහට ලක්ව ඇත. නවක තරුණ ක්රීඩකයන්ට අවස්ථාව අහිමි කරමින් වයස අවුරුදු 54ක පරිපාලන නිලධාරිනියක මෙලෙස ජාතික තලයේ තරගාවලියකට එක්වීම බැඩ්මින්ටන් ක්ෂේත්රයේ විමතියට හේතුවී ඇත.













