ශ්රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයකට හා බංකොලොත්භාවයට පත්වීමට ප්රධානතම හේතුව රාජ්ය පද්ධතිය තුළ පැ පැතිර ගිය දූෂණය බව ජනාධිපති ලේකම් ආචර්ය නන්දික සනත් කුමාරනායක මහතා පවසයි. ප්රජාශක්ති ජාතික ව්යාපාරයේ ඉදිරි ක්රියාමාර්ග පිළිබඳව රාජ්ය නිලධාරීන් දැනුවත් කිරීම සඳහා අරලියගහ මන්දිරයේ පැවැති විශේෂ වැඩසටහනකට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ, පසුගිය ආර්ථික අර්බුදය හමුවේ දූෂිත දේශපාලනඥයන් බලයෙන් පහ කිරීමට ජනතාවට හැකිවුව ද රාජ්ය නිලධාරීන්ගේ අකටයුතුකම් වැළැක්වීමට හෝ ඔවුන් ඉවත් කිරීමට සෘජු ක්රමවේදයක් නොතිබූ බවයි.
තමන්ගේ රාජකාරී බලය පෞද්ගලික සුඛවිහරණය සඳහා යොදාගැනීම දූෂණයේ ප්රධාන ලක්ෂණයක් බවත්, එය පද්ධතිමය සාමාන්ය ක්රමවේදයක් බවට පත්වීම හේතුවෙන් විදේශ ආයෝජන අහිමි වී රට දැඩි ණය උගුලක සිරවූ බවත් ජනාධිපති ලේකම්වරයා මෙහිදී හෙළිදරව් කළේය. දූෂණය හේතුවෙන් අනවශ්ය ව්යාපෘති සඳහා මුදල් වැය කිරීමෙන් අත්යවශ්ය ඉන්ධන ආනයනය කරගැනීමට පවා නොහැකි තත්ත්වයක් උද්ගත වූ අතර, එහි අවසාන ප්රතිඵලය ලෙස මහජනතාව මත දැඩි බදු බරක් පැටවීම, දිළිඳුකම ඉහළ යාම සහ සමාජීය අපරාධ වර්ධනය වීම වැනි බරපතළ කඩාවැටීම් රැසකට රට මුහුණ දුන් බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙම අර්බුදකාරී වාතාවරණයෙන් ගොඩඒම සඳහා රාජ්ය සේවයේ සුපිළිපන්නභාවය තහවුරු කිරීම අත්යවශ්ය වන අතර, රාජ්ය ආයතන තුළ සිදුවන අසාධාරණකම්වලට එරෙහිව පැමිණිලි කිරීමට සහ ඒ සඳහා විසඳුම් ලබාදීමට නව අභ්යන්තර කටයුතු ඒකක පිහිටුවා ඇති බව ද අනාවරණය විය. මින් පෙර ජනතාවට තම අදහස් හෝ පැමිණිලි ආරක්ෂිතව ඉදිරිපත් කිරීමට සුදුසු අවකාශයක් නොතිබීම හේතුවෙන් ජනතා නැගීසිටීම් උද්ගත වූ බව පෙන්වා දුන් ලේකම්වරයා, ඉදිරියේදී රාජ්ය පාලනය විනිවිදභාවයෙන් යුතුව පවත්වාගෙන යාම සඳහා මෙම නව පද්ධතිමය වෙනස්කම් හරහා අවශ්ය පියවර ගන්නා බව තහවුරු කළේය.














