පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ පානදුර–රත්නපුර මාර්ගයේ නම්බපාන ප්රදේශයේදී ගසක් මාර්ගයට කඩා වැටී තිබේ.
මේ හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව දසත නිවුස් වාර්තා කරයි.
මාර්ගයේ ගමන් ගන්නා රියදුරන් අවධානයෙන් රිය ධාවනය කරන ලෙසත්, ගමනාගමන තත්ත්වය පිළිබඳව අදාළ බලධාරීන් නිකුත් කරන යාවත්කාලීන තොරතුරු කෙරෙහි අවධානය යොමු කරන ලෙසත් දැනුම් දෙමු.














