පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කර තිබේ.
ඔක්තෝබර් 26 වැනිදා පෙරවරු 9.00ට නිකුත් කළ නිවේදනය හෙට (27) පෙරවරු 9.00 දක්වා වලංගු බව අදාළ වාර්තාවේ සඳහන් වේ.
**
දෙවන මට්ටම – අවධානයෙන් සිටින්න**
– **කළුතර:** වලල්ලාවිට, බුලත්සිංහල
– **කෑගල්ල:** දෙහිඕවිට, ගලිගමුව
– **නුවරඑළිය:** අඹගමුව කෝරළය, නොර්වුඩ්
– **රත්නපුර:** රත්නපුර, කුරුවිට, පැල්මඩුල්ල, ඇලපාත, අයගම, නිවිතිගල
**
පළමු මට්ටම – විමසිලිමත් වන්න**
– **ගාල්ල:** තවලම
– **ගම්පහ:** අත්තනගල්ල
– **කළුතර:** මදුරාවල, බේරුවල, මිල්ලනිය, හොරණ
– **මහනුවර:** උඩදුම්බර, පස්බාගේ කෝරළය, උඩපළාත, උඩුනුවර
– **කෑගල්ල:** කෑගල්ල, මාවනැල්ල, දැරණියගල, වරකාපොළ, අරණායක, රුවන්වැල්ල, යටියන්තොට
– **කුරුණෑගල:** නාරම්මල, කුරුණෑගල
– **රත්නපුර:** කිරිඇල්ල, ඕපනායක
අනතුරු ඇඟවීම් බලපැවැත්වෙන ප්රදේශවල ජනතාව නායයෑම් ලක්ෂණ පිළිබඳ අවධානයෙන් සිටිමින්, අදාළ බලධාරීන්ගේ නිල උපදෙස් සහ යාවත්කාලීන නිවේදන අනුගමනය කරන ලෙස දැනුම් දෙමු.














