උතුරු මැද පළාතට මෙන්ම ත්රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්රික්ක සඳහා ප්රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
අද (ඔක්තෝබර් 26) පෙරවරු 11.30ට නිකුත් කළ මෙම නිවේදනය අද රාත්රී 11.00 දක්වා බලපැවැත්වේ.
අදාළ ප්රදේශවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං ද ඇතිවිය හැකිය.
අකුණු අනතුරුවලින් ආරක්ෂා වීම සඳහා අවශ්ය පූර්වාරක්ෂක පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දී තිබේ.














