බෙංගාල බොක්කේ වර්ධනය වෙමින් පවතින ‘අර්නාබ්’ සුළි කුණාටුවේ වක්ර බලපෑම හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී ශ්රී ලංකාවේ ප්රදේශ රැසකට තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
ගතවූ පැය 24 තුළ දිවයිනේ ප්රදේශ රැසකට අධික වර්ෂාපතනයක් ලැබී ඇති බව වාර්තා වේ. ලබාදුන් වාර්තාවට අනුව, පුත්තලම දිස්ත්රික්කයේ කරන්දිපෝවල් ප්රදේශයෙන් මිලිමීටර් 195.7ක වර්ෂාපතනයක් ද, කුලියාපිටියෙන් මිලිමීටර් 193ක සහ ඉලුප්පයිකඩවෙයි ප්රදේශයෙන් මිලිමීටර් 187.5ක වර්ෂාපතනයක් ද වාර්තා වී තිබේ.
කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවේ අනාවැකියට අනුව, උතුරු, බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ සහ මධ්යම පළාත්වල මෙන්ම උතුරු මැද පළාතේ ද ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකිය.
කුණාටුව ශ්රී ලංකාවට සෘජුව බලපානු ඇතැයි අපේක්ෂා නොකළද, එයට සම්බන්ධ සුළං රටාව හේතුවෙන් ඉදිරි දිනවලදී දිවයිනේ නිරිතදිග ප්රදේශවල වර්ෂාපතනය වැඩි විය හැකි බව ද සඳහන් වේ.
තද වැසි සහ ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී ඇතිවිය හැකි තාවකාලික තද සුළං හා අකුණු පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ජනතාවට උපදෙස් දී තිබේ.














