මහවැලි ගඟ ආශ්රිත පහත්බිම් ප්රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
මහවැලි ගඟේ ඉහළ ධාරා ප්රදේශවලට පසුගිය පැය කිහිපය තුළ ලැබුණු අධික වර්ෂාපතනය හේතුවෙන් මෙම අවදානම මතුව තිබේ.
විශේෂයෙන් පස්බාගේ කෝරලය ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහවැලි ගඟ ආශ්රිත පහත්බිම් ප්රදේශවල ජනතාවට මේ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.
එමෙන්ම, එම ප්රදේශවල මාර්ග භාවිත කරන රියදුරන්ට ද සැලකිලිමත් වන ලෙස දැනුම් දී තිබේ. ගඟ ආසන්නයේ පදිංචිකරුවන් ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයකින් ආරක්ෂා වීමට අවශ්ය පූර්වාරක්ෂක පියවර ගත යුතු බව ද සඳහන් කර ඇත.
මේ සම්බන්ධයෙන් අවශ්ය පියවර ගන්නා ලෙස ආපදා කළමනාකරණ අංශ වෙත ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.














