ඇමරිකානු නාවික හමුදාවට අයත් USS කැන්බරා (LCS 30) නෞකාව අද (26) සාමාන්ය වරාය සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණ තිබේ.
මෙම වසරේ දෙවැනි වරට ශ්රී ලංකාවට පැමිණෙන නෞකාව මීට පෙර ජූනි 12 වැනිදා කොළඹ වරායට පැමිණ තිබුණි.
ශ්රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය සඳහන් කර ඇත්තේ මෙම සංචාරය ඇමරිකානු සහ ශ්රී ලංකා නාවික හමුදා අතර දිගුකාලීන හවුල්කාරිත්වය සහ ඉන්දු-පැසිෆික් කලාපයේ සමුද්රීය ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා දෙරටේ කැපවීම පිළිබිඹු කරන බවයි.
නෞකාවේ සංචාරය පහසු හා කාර්යක්ෂම කිරීමට ශ්රී ලංකා නාවික හමුදාව ලබාදෙන වෘත්තීය සහයෝගය ඇමරිකානු තානාපති එරික් මේයර් මහතා අගය කර තිබේ.
USS කැන්බරා යනු ඇමරිකාවේ ඇලබාමා ප්රාන්තයේ මොබයිල් නගරයේ ඉදිකළ, වෙරළබඩ මුහුදු ප්රදේශවල මෙන්ම විවෘත සාගරයේ ද මෙහෙයුම් සිදුකිරීමට නිර්මාණය කළ ලිටෝරල් සටන් නෞකාවකි. සමුද්රීය ආරක්ෂක මෙහෙයුම්, මුහුදු බිම් බෝම්බවලට එරෙහි මෙහෙයුම් සහ කලාපීය නාවික මෙහෙයුම් සඳහා සහාය වීම එහි හැකියාවන් අතර වේ.














