අවිධිමත් ලෙස විදේශ ගමන් බලපත්රයක් ලබාගැනීමේ සිද්ධියට අදාළව වසර දෙකක සිරදඬුවමක් නියම වී සිටින ශෂී වීරවංශ මහත්මිය ඉදිරිපත් කළ අභියාචනය නොවැම්බර් 18 වැනිදා කැඳවීමට ශ්රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.
හිටපු අමාත්ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ඇයගේ නඩුව අද (26) අගවිනිසුරු ප්රීති පද්මන් සූරසේන මහතා ඇතුළු ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවා තිබේ.
විදේශ ගමන් බලපත්රය සම්බන්ධයෙන් වරදකාරිය කරමින් නියම කළ සිරදඬුවමට එරෙහිව ඇය ඉදිරිපත් කළ අභියාචනය සලකා බැලීම සඳහා මෙලෙස දිනයක් නියම කර ඇත.













