රාජාංගනය ජලාශයේ වාන් දොරටු 16ක් විවෘත කර ඇති අතර, කලා ඔයට තත්පරයකට ඝන අඩි 15,000කට අධික ජල ප්රමාණයක් මුදාහැරීමට අපේක්ෂා කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ජලාශයට ලැබෙන ජල ප්රමාණය පාලනය කිරීම සඳහා අද (26) මධ්යහ්න 12 වන විට මෙම පියවර ගෙන තිබේ. පවතින වර්ෂාපතනය සහ ජලාශයට ලැබෙන ජල ප්රමාණය අනුව ඉදිරියේදී විවෘත කර තබන වාන් දොරටු සංඛ්යාව වෙනස් විය හැකි බව ද සඳහන් වේ.
ඒ අනුව, රාජාංගනය ජලාශයට පහළින් කලා ඔය ආශ්රිතව පදිංචි ජනතාවට ගංගාවේ ජල මට්ටම පිළිබඳව විමසිලිමත්ව සිටින ලෙසත්, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ අංශ නිකුත් කරන නිල නිවේදන අනුව කටයුතු කරන ලෙසත් දැනුම් දී තිබේ.
මේ අතර, මී ඔය ගංගා ද්රෝණියේ පිහිටි තබ්බෝව ජලාශයේ වාන් දොරටු හතරක් අඩිය බැගින් විවෘත කර ඇත. එමගින් මී ඔයට තත්පරයකට ඝන අඩි 880ක ජල ප්රමාණයක් මුදාහැරෙන බව වාර්තා වේ.
තබ්බෝව ජලාශයට පහළ ප්රදේශවල සහ මී ඔය දෙපස පදිංචිකරුවන් ද ජල මට්ටමේ වෙනස්වීම් පිළිබඳව අවධානයෙන් සිටින ලෙස බලධාරීන් දැනුම් දී ඇත.














