කෙන්යාවේ නයිරෝබි–මොම්බසා ප්රධාන මහා මාර්ගයේ කංගා (Kanga), ම්ටිටෝ අන්ඩෙයි ප්රදේශය ආසන්නයේදී මගී බස් රථයක් සහ ලොරි රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් 24 දෙනෙකු මියගොස් තවත් 24 දෙනෙකු තුවාල ලබා තිබේ.
ඔක්තෝබර් 25 වැනිදා උදෑසන සිදුවූ මෙම අනතුරට ලක්ව ඇත්තේ බටහිර කෙන්යාවේ පැවති පූජකවරයෙකුගේ අවමංගල්ය උත්සවයකට සහභාගී වී මොම්බසා බලා ආපසු ගමන් කරමින් සිටි පිරිසක් රැගත් බස් රථයකි.
තුවාල ලැබූවන් ප්රතිකාර සඳහා ආසන්න රෝහල් වෙත ඇතුළත් කර තිබේ. මූලික තොරතුරු අනුව, අනතුරට හේතුව වැරදි ලෙස ඉස්සර කිරීමට උත්සාහ කිරීම විය හැකි බවට බලධාරීන් සැක පළ කර ඇත. කෙසේ වෙතත්, අනතුරට හේතුව තහවුරු කිරීම සඳහා පරීක්ෂණ ක්රියාත්මක වේ.
මෙම අනතුර සිදුව ඇත්තේ සති කිහිපයකට පෙර ද මාරක රිය අනතුරක් වාර්තා වූ නයිරෝබි–මොම්බසා මාර්ගයේමය.














