2026 ඔක්තෝබර් 20 වනදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් ට්රිලියන 2.19කට අධික ආදායමක් රැස්කර තිබේ.
දෙපාර්තමේන්තුවේ දත්ත අනුව, එදිනට අපේක්ෂිත ආදායම් ඉලක්කය රුපියල් මිලියන 1,920,974ක් වූ අතර, රැස්කර තිබූ ආදායම රුපියල් මිලියන 2,198,995කි.
ඒ අනුව, ඉලක්කයට වඩා රුපියල් මිලියන 278,021ක අතිරේක ආදායමක් රැස්කර ගැනීමට හැකි වී තිබේ. එය නියමිත ආදායම් ඉලක්කයෙන් ආසන්න වශයෙන් 14.47%ක ඉක්මවීමකි.














