පුත්තලම, වනාතවිල්ලුව ලැක්ටෝවත්ත ප්රදේශයේ ගිනි අවි, ජීව උණ්ඩ සහ පුපුරණ ද්රව්යවලට අදාළ ද්රව්ය නීතිවිරෝධී ලෙස රැස්කර තැබීම සම්බන්ධ නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙකුට සිරදඬුවම් නියම කර ඇති බවට වාර්තා පළ වී තිබේ.
2018 වසරේ සිදුවීමකට අදාළ මෙම නඩුවේදී, චෝදනා හතරකට වරද පිළිගැනීමෙන් අනතුරුව විත්තිකරුවන් දෙදෙනාට වසර 12 බැගින් බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළ බව දසත ලංකා පුවත් සේවය වාර්තා කරයි.
නඩුවේ තවත් විත්තිකරුවෙකු ද වරද පිළිගැනීමට සූදානම් බව අධිකරණයට දැනුම් දී ඇති අතර, ඔහුට දඬුවම් නියම කිරීම පසුදිනට නියම කර ඇති බව එම වාර්තාවේ සඳහන් වේ.














