පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ කොත්මලේ ගාමිණී දිසානායක ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවිය හැකි බැවින් ඒ පිළිබඳ පූර්ව දැනුම්දීමක් නිකුත් කර තිබේ.
අදාළ තොරතුරුවලට අනුව, ජලාශයේ ජල මට්ටම මුහුදු මට්ටමේ සිට මීටර් 696.96ක් වන අතර, එය සමස්ත ධාරිතාවයෙන් 78.71%ක් පිරී පවතී. ජලාශයේ උපරිම ජල මට්ටම වන මීටර් 703.00 දක්වා ළඟා වීමට තවදුරටත් ඝන මීටර් මිලියන 36.381ක හිස් ධාරිතාවක් පවතින බව සඳහන් වේ.
ජලාශයට ලැබෙන ජල ප්රමාණය අනුව ඉදිරියේදී වාන් දොරටු ක්රියාත්මක කිරීමට සිදුවිය හැකි බැවින්, කොත්මලා ඔය පහළ ප්රදේශවල ජනතාවට දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස දැනුම් දී ඇත.
ඒ අනුව නුගවෙල, රිවර්සයිඩ් සහ මාවතුර ප්රදේශවල මෙන්ම මහවැලි ගඟ ආශ්රිත උලපනේ සිට ගම්පොළ, වැලිගල්ල, ගෙළිඔය, පේරාදෙණිය, කටුගස්තොට සහ පොල්ගොල්ල දක්වා ප්රදේශවල ජනතාව අවධානයෙන් පසුවිය යුතුය.
වාන් දොරටු විවෘත කිරීමට පෙර නැවත දැනුම්දීමක් සිදුකිරීමට නියමිත බව ද අදාළ නිවේදනයේ සඳහන් වේ.













