හලාවත, ඉරණවිල සමිඳුගම ප්රදේශයට ඊයේ (25) රාත්රියේ හමාගිය තද සුළඟක් හේතුවෙන් නිවාස රැසකට හානි සිදුව තිබේ.
රාත්රී 11.00ට පමණ හමාගිය මෙම තද සුළඟ හේතුවෙන් නිවාස කිහිපයක වහල ගැලවී ගොස් ඇති අතර, ගස් කඩා වැටීම් ද වාර්තා වී ඇත.
වහලවලට සිදුවූ හානි හේතුවෙන් නිවාස තුළට වැසි ජලය කාන්දු වීමෙන් ප්රදේශවාසීන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව සඳහන් වේ.
මේ අතර, එම ප්රදේශයට ආසන්න මුහුද ද ඉතා රළු ස්වභාවයක් ගෙන ඇති බව වාර්තා වේ.














