හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සිය සහෝදරයා වන ප්රකට ව්යාපාරික ඩඩ්ලි සිරිසේන මහතාගේ උපන්දිනය වෙනුවෙන් සුබපැතුම් සටහනක් එක්කර තිබේ.
“ආදරණීය ඩඩ්ලි මල්ලී” යනුවෙන් ආමන්ත්රණය කරමින් ඔහු සඳහන් කර ඇත්තේ, පොළොන්නරුව ප්රදේශය නඟාසිටුවීමටත්, මෙරට කෘෂිකර්මාන්තය සහ ආර්ථිකය ශක්තිමත් කිරීමටත් ඩඩ්ලි සිරිසේන මහතා සිය ව්යවසායකත්වයෙන් ඉටුකරන සේවය අගය කරන බවයි.
එමෙන්ම ඩඩ්ලි සිරිසේන මහතාටත් ඔහුගේ පවුලේ සාමාජිකයන්ටත් නිදුක් නිරෝගී සුවය, දීර්ඝායුෂ සහ රටට තවදුරටත් සේවය කිරීමට ශක්තිය හා ධෛර්යය ලැබේවායි හිටපු ජනාධිපතිවරයා සිය සුබපැතුම් සටහනෙන් ප්රාර්ථනා කර තිබේ.














