කොග්ගල, හබරාදූව ප්රදේශයේදී බස් රථයක් දුම්රියක ගැටීමෙන් සිසුන් 13 දෙනෙකු තුවාල ලබා තිබේ. අනතුර ඊයේ (25) සිදුව ඇති අතර, තුවාල ලැබූ සිසුන් කරාපිටිය ඇතුළු රෝහල් වෙත ඇතුළත් කර තිබේ.
කොට්ටාව ප්රදේශයේ අධ්යාපන ආයතනයක සිසුන්, ගුරුවරුන් සහ දෙමාපියන් රැගත් බස් රථය කෞතුකාගාරයක් නැරඹීමෙන් පසු ආපසු පැමිණෙමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇත. බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වූ දුම්රිය බස් රථයේ පිටුපස කොටසේ ගැටී ඇති බව වාර්තා වේ.
පොලිසිය සඳහන් කර ඇත්තේ දුම්රිය හරස් මාර්ගයේ අනතුරු ඇඟවීමේ සංඥා ක්රියාත්මකව තිබියදී බස් රථය හරස් මාර්ගයට ඇතුළු වූ බවට මූලික විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇති බවයි.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු සහ සහායකයා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්ය වාර්තා සඳහන් කරයි. රියදුරුට එරෙහිව ඉදිරි නීතිමය පියවර ගැනීම සම්බන්ධයෙන් ද පොලිසිය කරුණු දක්වා තිබේ.














