පවතින වැසි තත්ත්වයත් සමඟ ඉදිරි සතිවලදී ඩෙංගු රෝගීන් සංඛ්යාව යළි ඉහළ යාමේ අවදානමක් පවතින බව රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ වෛද්ය චමිල් විජේසිංහ මහතා පෙන්වා දෙන්නේ, මදුරු ඝනත්වය සහ මදුරු කීට ඝනත්වය ඉහළ යාම පිළිබඳ කීට විද්යාත්මක නිරීක්ෂණවලින් සංඥා ලැබී ඇති බවයි.
ඔක්තෝබර්–නොවැම්බර් මාසවල ආරම්භ වන ඊසානදිග මෝසම් වැසි සමඟ නැගෙනහිර, උතුරු සහ උතුරුමැද පළාත්වල ඩෙංගු රෝගීන් වැඩිවීමේ අවදානමක් ද පවතින බව ඔහු සඳහන් කළේය.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ තොරතුරු අනුව, 2026 වසරේ ඔක්තෝබර් 22 වන විට මෙරටින් ඩෙංගු රෝගීන් 104,585ක් සහ ඩෙංගු ආශ්රිත මරණ 79ක් වාර්තා වී තිබුණි.
නිවාස, කාර්යාල සහ අවට පරිශ්ර පිරිසිදු කර ජලය රැඳෙන ස්ථාන ඉවත් කිරීමෙන් මදුරු බෝවීම පාලනය කිරීමට ජනතාව කටයුතු කළ යුතු බව සෞඛ්ය බලධාරීහු අවධාරණය කරති.













