පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ මාර්ග අනතුරු සිදුවීමේ අවදානම ඉහළ යා හැකි බැවින් රියදුරන් වඩාත් සැලකිලිමත්ව රිය ධාවනය කළ යුතු බව රථවාහන භාර නියෝජ්ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා පවසයි.
අද (26) පැවැති මාධ්ය හමුවකදී ඔහු සඳහන් කළේ, වර්ෂාව පවතින අවස්ථාවලදී මෙන්ම අඳුරු කාලගුණික තත්ත්වයන් යටතේද මාර්ගයේ දෘශ්යතාව අඩුවීම නිසා අනතුරු අවදානම ඉහළ යන බවයි.
ඒ අනුව රියදුරන් අධික වේගයෙන් රිය ධාවනය කිරීමෙන් වැළකී, කාලගුණයට සහ මාර්ග තත්ත්වයට ගැළපෙන ආරක්ෂිත වේගයක් පවත්වාගත යුතුය. ඉදිරියෙන් ගමන් කරන වාහන සමඟ ප්රමාණවත් පරතරයක් තබාගැනීමත්, නිසි ලෙස ආසන පටි පැළඳීමත් අත්යවශ්ය බව ඔහු අවධාරණය කළේය.
යතුරුපැදිකරුවන් ආරක්ෂිත හිස්වැසුම් පැළඳීම, අඳුරු අවස්ථාවලදී අනෙක් රියදුරන්ට පැහැදිලිව පෙනෙන ආරක්ෂිත උපකරණ භාවිත කිරීම සහ මාර්ග නීති පිළිපැදීම කෙරෙහිද අවධානය යොමු කළ යුතුය.
අයහපත් කාලගුණය හමුවේ රිය ධාවනයේදී වැඩි අවධානයක් යොමු කරමින් තමන්ගේත් අනෙකුත් මාර්ග භාවිත කරන්නන්ගේත් ආරක්ෂාව තහවුරු කරන ලෙස නියෝජ්ය පොලිස්පතිවරයා රියදුරන්ගෙන් ඉල්ලා සිටියේය.














