පවතින කාලගුණික තත්ත්වය හමුවේ මෙරට වටා මුහුදු ප්රදේශ රළු විය හැකි බැවින් ධීවර ප්රජාව අවධානයෙන් පසුවිය යුතු බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
වාර්තාවට අනුව, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා සඳහන් කර ඇත්තේ, උතුරු අක්ෂාංශ 10ට ඉහළ මුහුදු ප්රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර් 100ක් හෝ ඊට වැඩි විය හැකි බවයි.
එම මුහුදු ප්රදේශවල රැඳී සිටින ධීවර යාත්රා සුළි කුණාටුවේ කේන්ද්රයෙන් සහ අපේක්ෂිත ගමන් මාර්ගයෙන් හැකි තරම් ඈත්ව සිටිය යුතු බවට දැනුම් දී තිබේ.
ඉදිරි කාලගුණ නිවේදන පිළිබඳ අවධානයෙන් සිටින ලෙසත්, නිල ආරක්ෂක උපදෙස් අනුව කටයුතු කරන ලෙසත් ධීවර ප්රජාවට දැනුම් දෙනු ලැබේ.














