වැලිගම ප්රාදේශීය සභාවේ 2027 වර්ෂය සඳහා වන අයවැය වාර්තාව දෙවන වරටත් වැඩි ඡන්දයකින් පරාජයට පත්ව තිබේ.
සභාපති චින්තක හේවාපතිරණ මහතාගේ ප්රධානත්වයෙන් අද (26) පෙරවරු 10ට පැවති සභා රැස්වීමේදී සංශෝධිත අයවැය වාර්තාව ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් කර ඇත.
එහිදී ජාතික ජන බලවේගය ප්රමුඛ කණ්ඩායම අයවැයට පක්ෂව ඡන්ද 22ක් ලබාදී ඇති අතර, සමගි ජන බලවේගය ප්රමුඛ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම ඊට විරුද්ධව ඡන්ද 23ක් ලබාදී තිබේ. ඒ අනුව අයවැය වැඩි ඡන්දයකින් පරාජයට පත්ව ඇත.
මෙම අයවැය පළමු වරට ඔක්තෝබර් 13 වැනිදා සභාවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ද ඡන්ද 22ට 23ක් ලෙස පරාජයට පත්ව තිබිණි. විපක්ෂ මන්ත්රීවරුන් ඉදිරිපත් කළ අදහස් අනුව සංශෝධනය කර නැවත ඉදිරිපත් කළ අයවැය ද මෙලෙස පරාජයට පත්වීම විශේෂත්වයකි.
අයවැය දෙවන වරටත් පරාජයට පත්වීමෙන් පසු අදහස් දැක්වූ සභාපතිවරයා, ප්රාදේශීය සභා පනතේ 169 වගන්තිය අනුව සති දෙකක කාලයකින් පසු අයවැය සම්මත වූවක් ලෙස සලකා ඉදිරි කටයුතු කළ හැකි බව සභාවට දැනුම් දුන්නේය.














