දිවයිනේ බොහෝ ප්රදේශවලට මෙන්ම මාවනැල්ල හා ඒ අවට ප්රදේශවලටද ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මාවනැල්ල මහන්තේගම කෝවිල් කන්ද ප්රදේශයේ යළිත් නායයෑමේ අවදානමක් මතුව ඇති බව මාවනැල්ල ප්රාදේශීය ලේකම් විජයානි රත්නසේකර මහත්මිය පවසයි. පසුගිය වසරේ ඇති වූ අයහපත් කාලගුණික තත්ත්වයේ බලපෑම හේතුවෙන් මාවනැල්ල ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ නායයෑම් සිදුවී විශාල පිරිසකට සිය නිවාස හා වාසස්ථාන අහිමි වූ පසුබිමක් තුළ, වර්තමානයේ පවතින අධික වැසි හමුවේ මෙම ප්රදේශය ආශ්රිතව යළිත් වරක් එවැනිම අවදානම් තත්ත්වයක් මතුව තිබේ.
පවතින වර්ෂාවත් සමඟ මහන්තේගම මාර්ගයට විශාල ගල් කුට්ටි පෙරළී පැමිණීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇණහිට ඇත. මතු වී ඇති මෙම අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින් මහන්තේගම කෝවිල් කන්ද අවට සහ ඒ ආශ්රිත ප්රදේශවල ජීවත් වන ජනතාව දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු බවත්, අදාළ ආරක්ෂක උපදෙස් දැඩි ලෙස පිළිපැදිය යුතු බවත් ප්රාදේශීය ලේකම්වරිය වැඩිදුරටත් දැනුම් දී සිටී.














