කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වැඩි පහසුකම් සැලසීම වෙනුවෙන් ක්රියාත්මක ව්යාපෘති කඩිනමින් අවසන් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්යාංශයට අදාළ 2027 අයවැය යෝජනා පිළිබඳව ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.
කටුනායක ගුවන් තොටුපළ සංවර්ධන ව්යාපෘතිවල ප්රගතිය සමාලෝචනය කිරීම සහ ඊට සමගාමීව මහාමාර්ග ඇතුළු යටිතල පහසුකම් පුළුල් කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර තිබේ.
එමෙන්ම, කටුනායක ගුවන් තොටුපළට අමතරව දිවයිනේ සෙසු අභ්යන්තර ගුවන් තොටුපළද අනාගත අවශ්යතාවලට ගැළපෙන පරිදි සංවර්ධනය කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.
ගුවන් මගීන්ට වඩාත් පහසු සහ කාර්යක්ෂම සේවාවක් සැලසීම සඳහා ක්රියාත්මක ව්යාපෘතිවල වත්මන් ප්රගතිය සහ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳවද සාකච්ඡාවේදී විශේෂ අවධානය යොමු වී තිබේ.












