කෘත්රිම බුද්ධි (AI) තාක්ෂණය සඳහා වන වියදම් ඉහළ යාමත් සමඟ ව්යාපාරික කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ අරමුණින් සේවකයන්ට ස්වේච්ඡාවෙන් රැකියාවෙන් ඉවත්වීමේ වැඩසටහනක් Microsoft සමාගම හඳුන්වා දී තිබේ.
මෙම වැඩසටහන යටතේ ඇමෙරිකාව, කැනඩාව, ඉන්දියාව සහ එක්සත් රාජධානියේ සේවය කරන, නිශ්චිත සේවා මට්ටම්වලට අයත් සේවකයන්ට අවස්ථාව හිමිවන බව වාර්තා වේ. මේ සඳහා සේවකයන් 60,000කට පමණ සුදුසුකම් තිබෙන බව සමාගමට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි. එය Microsoft සමාගමේ සමස්ත සේවක සංඛ්යාව වන 223,000න් සියයට 27කට ආසන්න ප්රමාණයකි.
AI පරිගණකකරණය සඳහා පවතින ඉල්ලුම සපුරාලීමට සමාගම දත්ත මධ්යස්ථාන ඉදිකිරීම සහ පුළුල් කිරීම සඳහා විශාල මුදලක් ආයෝජනය කරමින් සිටී. එමෙන්ම OpenAI සහ Anthropic ඇතුළු සමාගම්වලට ක්ලවුඩ් සේවා සපයන Microsoft සමාගම, AI යටිතල පහසුකම් වෙනුවෙන් වන වියදම් සහ මූල්ය කාර්යක්ෂමතාව අතර සමතුලිතතාවක් පවත්වා ගැනීමට උත්සාහ කරයි.
මීට පෙර මේ වසරේ අප්රේල් මාසයේදී Microsoft සමාගම සිය ඇමෙරිකානු සේවකයන්ගෙන් කොටසකට ස්වේච්ඡා විශ්රාම වැඩසටහනක් හඳුන්වා දුන් අතර, ජූලි මාසයේදී සේවකයන් 4,800ක් ඉවත් කිරීමට සැලසුම් කරන බවද ප්රකාශ කර තිබුණි.
සමාගමේ ප්රධාන මානව සම්පත් නිලධාරිනී ඇමී කෝල්මන් සඳහන් කර ඇත්තේ, මෙම නව වැඩසටහන මඟින් සේවකයන්ට තම වෘත්තීය අනාගතය පිළිබඳ තීරණ ගැනීමට වැඩි නම්යශීලීභාවයක් ලබාදීමට අපේක්ෂා කරන බවයි.
සේවකයන්ට මෙම යෝජනාව පිළිබඳ තීරණයක් ගැනීමට දෙසැම්බර් මුල දක්වා කාලය ලබාදී ඇති අතර, වැඩසටහනට එක්වන අය දෙසැම්බර් 31 වැනිදා සේවයෙන් ඉවත්වීමට නියමිත බව වාර්තා වේ. කෙසේ වෙතත්, මෙවර ස්වේච්ඡා ඉවත්වීමේ වැඩසටහන සඳහා නිශ්චිත ඉලක්කගත සේවක සංඛ්යාවක් සමාගම විසින් නියම කර නොමැති බවද සඳහන් වේ.
















