අමාත්‍ය මණ්ඩලය පත් කරන විට බුද්ධිමත්ව කටයුතු කරන මෙන් පැෆ්රල් සංවිධානය පවසයි. එම සංවිධානය කියා සිටියේ මේ වන විට රටේ පැවති දේශපාලන හා ව්‍යවස්ථා අර්බුධය නිමාකරමින් මේ වන විට අග්‍රාමාත්‍යවරයා පත්කර තිබෙන අතරම ඉදිරි දින කිහිපය තුළ අමාත්‍ය මණ්ඩලයද පත්කිරීමට නියමිතය බවයි.
දේශපාලනඥයන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව රටේ පොදු අප්‍රසාදයක් ගොඩ නැගී ඇති අවස්ථාවක අමාත්‍ය මණ්ඩලය පත්කිරීමේදී ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඉතා බුද්ධිමත්ව කටයුතු කරනු ඇතැයි පැෆ්රල් සංවිධානය අපේක්ෂා කරන බව කියා සිටියේය. එම තෝරාගැනීම්වලදී පහත සඳහන් කරුණු කෙරෙහි අවධානය යොමුකරන ලෙස කාරුණිකව ඉල්ලා සිටින ලෙස පැෆ්රල් සංවිධානය ඉල්ලා සිටි.
එනම් කැබිනට් අමාත්‍ය මණ්ඩලය 30 කට සීමාකිරීම, පසුගිය කාලය තුළ බරපතල චෝදනාවලට ලක්වූවන් පත්නොකිරීමට වගබලා ගැනීම , රජය සමග, රාජ්‍ය ආයතන සමග ව්‍යාපාරික සම්බන්ධතා පවත්වන පිරිස් පත්නොකිරීම , පත්කරන සෑම අමාත්යවරයෙකුගෙන්ම රාජ්‍ය ආයතන සමග සෘජුව හෝ වක්‍රව ව්‍යාපාරික සබඳතා නොමැති බවට හා ඇතිකර නොගන්නා බවට දිවුරුම් ප්‍රකාශයක් ලබාගැනීම , අමාත්‍යවරුන් පත්කිරීමේදී ඔවුන්ගේ දැනුම හා කුසලතා අනුව විද්‍යාත්මකව අමාත්‍ය මණ්ඩලය පත්කිරීම , ඒ ඒ අමාත්‍යවරුන් පත්කිරීමේදී සලකා බැලූ ඔවුන්ගේ කුසලතාවයන් රටට ඉදිරිපත් කිරීම යන කරුණුය.
දේශපාලනඥයා පිළිබඳව රටේ පවතින අප්‍රසාදය වලක්වාගැනීමට නව දේශපාලන සංස්කෘතියක් ආරම්භ කිරීමට ඉහත සඳහන් කරුණු කෙරෙහි අවධානය යොමුකරන ලෙසට ජනාධිපතිවරයාගෙන් හා අග්‍රාමාත්‍යවරයාගෙන් පැෆ්රල් සංවිධානය ඉල්ලා සිටි.