• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාඩු ලැබු ආයතන දැන් ක්‍රියාශිලි ආයතන බවට පත් කරනවා – අගමැති

18 February 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පාඩු ලබමින් සුදු අලි බවට පත්ව තිබූ හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපොළ දැන් ක්‍රියාශීලි ගමනාගමන ප්‍රවාහන කේන්ද්‍රස්ථාන බවට පත්වෙමින් පවතින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය 15 වනදා මන්නාරම නගරසභා ශාලාවේ පැවති ජනහමුවට සහභාගී වෙමින්.

දකුණ ලෝකයට විවෘත කිරීමට අවශ්‍ය පදනම සැකසූ සේම උතුරත් ලෝකයට විවෘත කොට මුළු රටේම ජනතාවට ආර්ථික සංවර්ධනයේ ප්‍රතිලාභ ගලා යාමට සලස්වන බව අග්‍රාමාත්‍යවරයා පැවසිය.

පලාලි ගුවන් තොටුපොළ සහ කන්කසන්තුරේ වරාය ද ප්‍රධාන පෙලේ මගී හා වාණිජ තොටුපොළවල් ලෙස සංවර්ධනය කරන බවද හෙතෙම පැවසීය.
එහිදී අග්‍රාමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේය ” පලාලි ගුවන් තොටුපොළ ජාත්‍යන්තර මට්ටමට ගෙනැවිත් එයාර් බස් ඒ 320 හා ඒ 321 වර්ගයේ ගුවන් යානා ගෙන ඒමට හැකි අයුරින් පුළුල් කිරීමට අපි තීරණය කළා. කන්කසන්තුරේ වරාය දියුණු කිරීමට ඒ වගේම කන්කසන්තුරේ වරාය ඉදිරිපිට ඇති රිෂාඩ් බදියුදීන් ඇමතිතුමාගේ අමාත්‍යංශයට අයත් සිමෙන්ති සංස්ථාවේ ඉඩම තුළ කර්මාන්තපුරයක් ඇති කිරීමටත් සාකච්ඡා කළා. ඒ වගේම සංචාරක කලාපයක් ඇති කිරීමටද අපි තීරණය කළා.
කන්කසන්තුරේ සිට තමිල්නාඩුවටත්, තලෙයිමන්නාරම සිට තමිල්නාඩුවටත් මගී හා බඩු භාණ්ඩ ප්‍රවාහන නැව් සේවාවක් ආරම්භ කිරීමට ද අපි බලාපොරොත්තු වෙනවා. තලෙයිමන්නාරම වරාය මගීන්ට පමණක් නොවෙයි බඩු භාණ්ඩ ප්‍රවාහනයටත් සුදුසු අයුරින් සකස් කරන ලෙස මම සාගල රත්නායක ඇමතිතුමාට උපදෙස් දුන්නා.
විශේෂයෙන්ම මන්නාරම, වව්නියාව සහ ත්‍රිකුණාමලය එකතු කරන අධිවේගී මාර්ගයක් ඇති කිරීමට අපි ඉන්දීය ආණ්ඩුව සමඟ සාකච්ඡා කර එකඟ වී තියෙනවා. ඒ තුළින් එක් පැත්තකින් මන්නාරම දියුණු වෙනවා. අනෙක් පැත්තෙන් යාපනයේ ගුවන් තොටුපළක් සේම වරායක් ඇති කරනවා. ගුවන් තොටුපොළක් ඇති කළාම සංචාරක ව්‍යාපාරයට උතුරෙන් ස්ථාන සෙවිය යුතුයි.
දඹුල්ල, මහනුවර සහ දකුණට පලාලි ගුවන් තොටුපොළෙන් සංචාරකයින් පැමිණිමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. මන්නාරම සිට පුනරීන් දක්වා යන ප්‍රදේශවල සංචාරක කලාප ඇති කිරීමටත් මන්නාරම බල කොටුවේ නැවත දියුණුවක් ඇති කිරීමටත් මේ වන විට අපි රිෂාඩ් බදියුදීන් ඇමතිතුමා සමඟ සාකච්ඡා කරලා තියෙනවා. තලෙයිමන්නාරම ප්‍රදේශයේත් පුනරීන් මුහුදුබඩ ප්‍රදේශයෙත් සංචාරක කලාප ඇති කිරීමටත්, රුවල් යාත්‍රා සංචාරකයන් සඳහා මන්නාරම, යාපනයේ දූපත්, කන්කසන්තුරේ හා ත්‍රිකුණාමලේ දක්වා සංචාරක ව්‍යාපාරයක් ඇති කිරීමටත් අපි බලාපොරාත්තු වෙනවා.
මන්නාරම ප්‍රදේශයේ ප්‍රධාන ධීවර මධ්‍යස්ථානයක් ඇති කිරීමට අවශ්‍ය උපදෙස් මම අදාළ නිලධාරීන්ට ලබාදුන්නා. මෙම ප්‍රදේශය මතස්‍යයන් සිටින හොඳ ප්‍රදේශයක්. එම නිසා විශේෂයෙන්ම ධීවර කර්මාන්තයේ දියුණුවක් මේ ප්‍රදේශයේ ඇති කළ යුතුයි. මේ සැරේ වී අස්වැන්න මිලදී ගැනීමේ කටයුතු හෙට සිට ආරම්භ කරනවා. වී වගාව දියුණු කිරීමට, වන්නි ප්‍රදේශයේ තව වැව් ඇති කිරීමට හා මේ ප්‍රදේශයේ පොල් වගා කරන ජනතාවට උදව් කිරීමටත්, අලූතින් පොල් හා තල් වගාවන් ආරම්භ කිරීමටත් තීරණය කර තිබෙනවා.
එපමණක් නොවෙයි, මේ ප්‍රදේශයේ පාරවල් දියුණු කිරීමටත්, අයිරෝඩ් ව්‍යාපෘතිය සහ නැවත නිවාස ඉදිකර දී නැවත පදිංචි කිරීමේ කටයුතු සිදුකිරීමටත් ඉදිරියේදී කටයුතු කරනවා. මේ වසරේ නිවාස 1300 ක් ඉදිකිරීමටත් ඊටත් වඩා විශාල නිවාස සංඛ්‍යාවක් ලබන වසර තුළ ඇති කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා. හමුදා පාලනයේ තිබෙන ඉඩම් තවත් ප්‍රමාණයක් නිදහස් කරගැනීමට අවශ්‍ය සාකච්ඡා කිරීමට කටයුතු කරනවා.
ඒ වගේම උපාධිදාරීන්ට රැකියා ලබාදෙන වැඩසටහනක් මේ වසරේදී අපි ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. මට කිසිම සැකයක් නැහැ රිෂාඩ් බදියුදීන් මැතිතුමාට උපාධිදාරීන්ට රැකියා ලබාදෙන්න ශක්තිය ලැබෙනවා.
ගම්පෙරළිය එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ආධාර උපකාරත් මේ ප්‍රදේශයට ලැබෙනවා. අපි යලිත් වැඩ ආරම්භ කර තිබෙනවා. ඉදිරි මාස කිහිපය තුළ අපි ක්‍රියාත්මක කළ වැඩකටයුතුවල ප්‍රතිඵල දකින්නට පුළුවන්. ගොඩනැගිලි විවෘත වන විට පාරවල් විවෘත වන විට එහි ප්‍රතිඵලය දැක ගන්නට පුළුවන්. මෙතෙක් කල් නිශ්ෂබ්දව වැඩකටයුතු කළා. බැනුම් ඇහුවා. මාර්තු මස වන විට ප්‍රතිඵල දැක ගත හැකියි. මැයි මස වන විට තවත් එහි දියුණුවක් දැක ගැනීමට පුළුවන්. එසේ නම් අපි ඉදිරියට ගොස් වැඩකටයුතු කරමු. මේ වසරේ ජයග්‍රහණය කර වේගය තවත් වැඩි කරලා අපි සාර්ථක ගමනක් යමු යැයි පවසමින් මාගේ වචන ස්වල්පය අවසන් කරනවා. යැයි අග්‍රාමාත්‍යවරයා පැවසිය.

මෙම අවස්ථාවට කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන, කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන්, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්, කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ යන අමාත්‍යවරුන් ද එක්ව සිටියහ.

 

Post Views: 5
Previous Post

නායකත්වය ගැන අර්බුදයක් – ශ්‍රීලනිප සහ පොදුජන පෙරමුණේ සාකච්ඡා කල් යයි

Next Post

එක තරගයක් දින්නා කියලා ඔහොම දඟලන්න ඕන නැහැ – ඇමැති අර්ජුන කියයි

editor

editor

Next Post

එක තරගයක් දින්නා කියලා ඔහොම දඟලන්න ඕන නැහැ - ඇමැති අර්ජුන කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved