27 April 2024
#දේශීය

නායකත්වය ගැන අර්බුදයක් – ශ්‍රීලනිප සහ පොදුජන පෙරමුණේ සාකච්ඡා කල් යයි

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ගොඩනැගීමට නියමිත නව සන්ධානයට අදාළ ප‍්‍රධාන සාකච්ඡාව ලබන 22 වනදා දිනට කල් දමා ඇතිබව වාර්තා වේ.

ඒ ඉදිරි මැතිවරණවලදී නායක්තවය ගනු ලබන්නේ මෛත්‍රිපාල සිරිසේන ද මහින්ද රාජපක්ෂද යන්න පිළිබඳ අවසන් තීරණයකට එළැඹ නොවීම හේතුවෙන් බව එම පක්ෂවල අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

කෙසේ වෙතත් එස්.බී.දිසානායක මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත පවසා සිටියේය සන්ධානය බිහි කිරීමට අදාළ මූලික කරුණු සාකච්ඡා කිරීමට පත් කළ කමිටු දෛනිකව රැස්වන බවයි. එම කමිටු සාමාජිකයින් කළ ඉල්ලීම මත සන්ධානය ගොඩ නැගීමේ ප‍්‍රධාන සාකච්ඡාව කල් දැමූ බව ඔහු කියා සිටියේය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රි ඩබ්ලිව්. ඞී. ජේ. සෙනෙවිරත්න සදහන් කළේ නව සන්ධානයේ නායකත්වය, තවදුරටත් සාකච්ඡා මට්ටමේ පවතින බවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *