• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොන්ද පණ නැතිනම් අයින් කරන්න ලැස්තියි – ඇමැති පාඨලි කියයි

15 May 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අද රටට අවශ්‍යතාවය නිපුණතාවයත් එක්ක, කුසලතාවයත් එක්ක හැකියාවත් එක්ක මේ රටේ විවෘතව පැතිරී සිටින වෘත්තීයවේදීන්, දේශපාලන බේදයකින් තොරව හැම පක්ෂයකම සිටින පුළුල් එකමුතුවකින් මේ ත‍්‍රස්තවාදය ජයගෙන, මේ රටේ ජනතාවට තමන්ට සුදුසු ප‍්‍රජාතන්ත‍්‍රික විදිහට ඊළඟ ජනාධිපතිවරයා හෝ රාජ්‍ය පාලනය තෝරාගැනීමට ඉඩදීම කල යුතු බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (14) දින බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති ‘ජාතික මග’ රට රකින, රට හදන මහජන ව්‍යාපාරයේ මංගල මහා සමුළුවට සහභාගී වෙමින්.

එහිදි අමාත්‍යවරයා කියා සිටියේ උද්ගතව ඇති තත්වයන්ට මුහුණ දීමට යම් යම් අයට කොන්ද පණ නැත්නම් ඒ අය අයින් කරන්න සුදානම් බවයි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, අපි නිදහස ලබලා දැන් දශක 7ක්. මේ දශක 7 ඇතුළේ පළවෙනි දශක ගණනාව තුළ ලංකාවේ තිබුනේ වමේ දකුණේ දේශපාලනික ගමනක්. ඒ කියන්නේ අපි කවුරුත් දන්න වමාංශික දක්ෂිණාංශික දේශපාලනයක්. එහෙම නැත්නම් කොමියුනිස්ට්වාදී, ධනේෂ්වර දේශපාලනයක තිබෙන ඒ ගැටුම්, එහි දේශපාලන විභේදනයේ තමයි අපේ රටේ දැක්කේ. මෙහි කූටප‍්‍රාප්තිය තමයි ජනතා විමුක්ති පෙරමුණේ අවි අතට ගැනීම. සමාජය වෙනස් උනත් බෝල්ෂෙවික් පන්නයේ රටක් හදන්න හිතාගෙන අවි අතට ගැනීම. සටන් කිරීම. නමුත් 1983 ජුලි මාසයේ ඇති වූ සිදුවීම් වලින් පසුව මේ රටේ ප‍්‍රධාන දේශපාලන විභේදනය බවට ඒතාක් කල් තිබුණු වම දකුණ වෙනුවට උතුරේ බෙදුම්වාදය පිළිබඳ ගැටළුව ඒ බෙදුම්වාදයට දක්වන ප‍්‍රතිචාරය මත රටේ දේශපාලනය බෙදුනා. මේ නිසා අලූත් විභේදනයක් 1983 සිට අපි දැක්කා. මේ රටේ හැම ප‍්‍රශ්නයකටම, හැම මැතිවරණයකදිම, හැම දේශපාලන සමාජ ක්‍රියාදාමයකදිම මේක තමා ඉන් පසුව දිගටම මතු උනේ. ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මිය ගියා. විදේශ ආක‍්‍රමණ සිදුවුණා. ලක්ෂ සංඛ්‍යාත ශ‍්‍රී ලාංකිකයින් පිරිසක් රටෙන් පිටමං වෙලා ගිහිල්ලා වෙනත් රටවල පදිංචි උනා.

දැන් මේ අප්‍රේල් 21 ප‍්‍රහාරයෙන් පසුව අපේ රට අලූත් විභේදනයකට ගමන් කරනවාද, ඉස්ලාමීය ත‍්‍රස්තවාදී ක‍්‍රියාවලිය සහ එයට ප‍්‍රතිචාර දක්වන්නන් බවට අපි පත් වෙලා ඉදිරි දශක කිහිපය අපි මේ රටේ ගෙවනවාද කියන ප‍්‍රශ්නය තමයි අපි ඉදිරියේ තිබෙන්නෙ. ඉතින් අපි උත්සාහ කරන්නේ මේ සංවාදය මගින් මේ මහජන ව්‍යාපාරය මගින් මේ දේශපාලන නොවන සියළු දෙනාගේ වේදිකාවක් මගින් මේ ප‍්‍රශ්නය මාස කිහිපයකින් ඉවර කර ගැනීම සඳහා අවශ්‍ය අඩිතාලම දැමීම. 1978 දී බැස්ටියන් පිල්ලේ පොලිස් පරීක්‍ෂකවරයා ඝාතනය කළ අවස්ථාවේදී ජයවර්ධන ජනාධිපතිතුමා එවකට හමුදාපති වීරතුංග මැතිතුමාව යවලා මාස කිහිපයකින් මේ ප‍්‍රශ්නේ විසඳන්න කිව්වා. එතුමා කිව්වා මාස 6 න් ඒ ගැටළුව විසඳනවා කියලා. හැබැයි මාස 6 අවුරුදු 6ක් වෙලා, එම අවුරුදු 6 අවුරුදු 30 ක් වෙලා තමයි කෙළවර උනේ. ඒ වගේ මේ ගැටළුවත් ඉදිරි මාස තුනේදී අපි විසඳගන්නවාද නැත්නම් ඉදිරි අවුරුදු 3 දක්වා දික් ගැහෙනවාද, ඊ ළඟ දශක 3 දක්වා, අපේ දරුවන් එක්කත් මේ ගැටුම ඉදිරියට ගෙනයනවාද කියන එක තීරණය වෙන්නේ අපි අද මේ ප‍්‍රශ්නයට රටක් ජාතියක් හැටියට අපි හැමෝම මුහුණ දෙන ආකාරයටයි.

අපි දැක්කා මේ අවාසනාවන්ත සිදුවීම් දඩමීමා කරගෙන ඇතැම් පාදඩයින් විසින් නීතිය අතට අරගෙන ඊයේ රාත‍්‍රී කාලයේ කළ ව්‍යසනය. ඒ අපරාධ කිසිම ආකාරයකින්ඉඩකඩ ලබාදිය හැකි දේවල් නෙමෙයි. සරළව කියනවානම් ඕනෑ කෙනෙක්ට තමන්ට ඕනේ නම් මේ විවෘත වෙළඳපොල යටතේ කැමති වෙළඳපලකින් බඩු ගන්න පුළුවන්. ඒ වගේම තමන් කැමති නැති තැන්වලට නොයා ඉන්න පුළුවන්. නමුත් කිසිවකුට අයිතියක් නැහැ ප‍්‍රචණ්ඩ ආකාරයට අනුන්ගේ කඩ සාප්පුවලට නිවාසවලට හෝ ආගමික මධ්‍යස්ථානවලට පහර දෙන්න. ඒවා අනිවාර්යයෙන්ම නීතිය කි‍්‍රයාත්මක කරලා දැඩිව පාලනය කළ යුතු දේවල්.

අනික් කාරණය මේ ප‍්‍රශ්නයේදී අපි ඉතාම සබුද්ධිකව මේ ත‍්‍රස්තවාදයත්, අපේ මුස්ලිම් සමාජයත් ඉතා නිවැරදිව විග‍්‍රහ කරගත යුතුයි. මූලිකව මේ අන්තවාදී ක්‍රියාවලියේ නියැලිච්ච පිරිස් කවර හෝ ආකාරයකට තමන්ගේ ආගමට කියවීමක් ලබාදී තිබෙනවා අන්‍යයින්, විශේෂයෙන්ම අන්‍ය ආගමිකයින් විනාශ කිරීම සඳහා. ඔවුන් පිරිස ඉතාම සුළු පිරිසක්. අපි එය මතක තබා ගත යුතුයි. මේ පිරිස ලංකාවේ ජීවත්වෙන ඒ විසි ලක්ෂයක් වන සමස්ථ මුස්ලිම් ජනතාව නෙමෙයි. මේ අන්තවාදී ත‍්‍රස්තවාදී ක්‍රියාවලියට සම්බන්ධ වෙලා තිබෙන පිරිසසිය ගණනක තරම් වූ පිරිසක්. නමුත් මේ සිය ගණනක පිරිස, සමස්ථ මුස්ලිම් ජනතාව එක්ක බලනකොට අගයෙන් පොඩි වුනත් ඉතාම බලගතු, ඉතාම උන්මාදනීය, උමතු මනසකින් යුතුව ක්‍රියාකරන බව අපට පැහැදිලියි. ජනතා විමුක්ති පෙරමුණට, එල්.ටී.ටී.ඊ සංවිධානයට සෙබළුන් එකතු උනේ ඇතැම්විට දුප්පත් කම නිසයි. ඇතැම්විට හේන් ගොවියන්ගේ දරුවෝ. ඇතැම්විට පීඩිත කම්කරුවන්ගේ දරුවෝ. හැබැයි මේ අන්තවාදී ත‍්‍රස්තවාදය BMW, බෙන්ස් රථවලින් ගිහින්, මරාගෙන මැරෙන ත‍්‍රස්තවාදයක් බව අපි හොඳින් මතක තබාගන්න ඕනෙ. මේක අපි දශක ගණනක් මුහුණ දීපු ත‍්‍රස්තවාදයට වඩා වෙනස් ආකාරයක, වෙනස්ම ස්වරූපයක මේ ලෝකය පුරාම පැතිරී ගිය ක්‍රියාවලියක් බව අපි අමතක කරන්න හොඳ නැහැ. එහෙම නම් ඒ කණ්ඩායම නිවැරදිව සොයාගෙන, ආරක්‍ෂක අංශ මගින් ඔවුන් විනාශ කිරීමට, ඔවුන් නිෂ්ක්‍රිය කිරීමට අපි අපේ පුර්ණ සහයෝගය හැම ක්‍ෂෙත‍්‍රයකින්ම ලබා දිය යුතුයි.

ඊළඟට ඉන්නවා තවත් කණ්ඩායමක්. ඒ තලය අර මුල් පිරිසගේ ඒ උන්මාදනීය මතවාදයේම ඉන්නවා. හැබැයි හිංසාකාරී ක්‍රියාවන්වලට නැඹුරු වෙන්නේ නැහැ. නමුත් හැම ආකාරයකින්ම සහයෝගය ලබා දෙනවා. විශේෂයෙන්ම අරමුදල් සම්පාදනය කිරීම මගින්. මතක තබා ගන්න මේ ජාතික තව්හිද් ජමාත් කියන කුඩා කණ්ඩායමට 2018 සැප්තැම්බර් මාසයේ සිට මේ දක්වා අඩුම තරමින් රුපියල් මිලියන දහසකට වැඩි මුදලක් විදේශ රටවල් තුනකින් ලැබිලා තිබෙනවා. මේ අරමුදල් සම්පාදනය කරන්නේ කොහොමද, මොවුනට අවශ්‍ය කරන නේවාසික පහසුකම් ඒ වගේම අනෙකුත් පහසුකම් සපයන්නේ කවුද? සුවිශේෂයෙන්ම අන්තර්ජාලයේ ක්‍රියාත්මක වෙමින් මොවුනට අවශ්‍ය කරන සාමාජිකයන් බඳවා ගන්නේ කවුද, අපි එය මතක තබා ගත යුතුයි. තවත් විශේෂ කාරණයක් තමයි 2015 ජනවාරි 15 වෙනිදා තුර්කි රාජ්‍යයට ගිහින් එතනින් සිරියාවට ඇතුළු වෙලා ISIS සංවිධානයේ සාමාජියෙක් උනදෙහිවල ප‍්‍රදේශයේ ජීවත් වූ නිලාම් නැමති පුද්ගලයා. ඔහු සිරියාවට ගොස් ISIS ත‍්‍රස්තයන්ට එක්වී ජුනි මාසයේදීම ගුවන් ප‍්‍රහාරයකින් ඔහු මිය ගියා. නමුත් ඒ වන විට ඔහුට සම්බන්ධ ඔහුගේ පවුල් 6 කට අයිති 45 දෙනෙක් සිරියාවේ ජීවත් වූ බව අපි දන්නවා. එතකොට මේක පවුල් පිටින් සම්බන්ධ වෙන කි‍්‍රයාවලියක් දක්වා දුර ගොස් තිබෙන බව පැහැදිලියි. නෑ හිත මිතුරන් ඒ වගේම දරුවන්, කුසේ ඉන්න දරුවන් පවා රැගෙන මේ සියළු දෙනාම සම්බන්ධ කරගන්නා ව්‍යාපාරයක් වෙලා තිබෙනවා. එතකොට බොහොම පැහැදිලිව මේ දෙවෙනි තලයේ ඉන්නවා මේ විසකුරු මතවාදයන් යතාර්ථයක් කරගන්නට සියල්ලට සහයෝගය දෙන පිරිසක්. අපි ඒ රැඩිකල් අන්තවාදී මත දරණ පිරිස අපි පාලනය කරන්න, නිෂ්ක්‍රිය කරන්න කටයුතු කළ යුතුයි.

ඒ වගේම තුන්වෙනි පිරිසකුත් මුස්ලිම් ජනතාව අතර ඉන්නවා, අපි පසු ගිය කාලයේ දැක්කා මේ රටේ ඉස්ලාම් ජනතාව මේ රටේ අඩුම තරමින් අවුරුදු 600 ක් 700 ක් ජීවත් වෙලා තිබෙනවා. නමුත් පසුගිය දශකයේ අපි දැක්කා සුවිශේෂී කණ්ඩායමක් ඉදිරියට ඇවිල්ලා අන්‍ය ආගම් ප‍්‍රශ්න කරනවා. ඒ අන්‍ය ආගම්වල කර්තෘවරුන්ට ප‍්‍රජාතාන්ත‍්‍රික සංවාදශීලිත්වයෙන් ඔබ්බට ගිහිල්ලා අපහාස අවමාන කරනවා. තෙරුවණ කියන්නේ මැණික් ගල් තුනක් කියනවා. ඒ වගේම ලොව්තුරා බුදුහිමි ගැනත් සාහසික ප‍්‍රකාශ කරමින් මේ ආදී වශයෙන් අන්‍ය ආගමිකයින්ට අපහාසයන් හා අභියෝගයන් සිදු කරමින් තමන්ගේම ආගමික කණ්ඩායමේ සිටින ඉස්ලාමීය භක්තියන්ටත් අභියෝග කරමින් ඔවුන් කටයුතු කරනවා. මෙන්න මේ පිරිස අපි පාලනය කළ යුතුයි. විශේෂයෙන්ම මේ තවුහිද් ජමාද් ව්‍යාපාරය මේ රටේ ආගමික සහජීවනය, සංහිඳියාව පිළිබඳව ඇතිවෙච්ච තත්වය දෙදරුම් කවන්න පසුගිය දශකයක පමණ කාලය තුළ තීරණාත්මක වැඩ කොටසක් කළා. ඒකටම ප‍්‍රතිචාර දක්වන්න බෞද්ධ සහ අනෙකුත් තැන්වලින් ගොඩනැගිච්ච අය විසින් ඒ තත්වය තවත් අවුල් ජාලයක් බවට පත් කලා. ඒක නිසා මේ පිරිස් නිශ්චිතව පාලනය කිරීම සඳහා අප විසින් විශේෂයෙන්ම මුස්ලිම් සමාජය අතරින්, ඒ වගේම අනෙකුත් සමාජ අතරින් නීති සම්පාදනය පැත්තෙන් කි‍්‍රයා කළ යුතු වෙනවා.

ඒ වගේම අද මේ රටේ හුඟ දෙනෙක් කළබල වෙලා තිබෙනවා මේ අපේ මුස්ලිම් සමාජයේ පිරිසක් මේ රට ශ‍්‍රී ලාංකිකයි කියල හිතන්නේ නැතිව, තමන්ගේ මවුබස හැටියට අරාබි බස භාවිත කරන්න, ඇඳුම බුර්කාව බවට එහෙම නැත්නම් අරාබි ඇඳුම බවට පත් කර ගන්න, නීතිය ශරියා නීතිය බවට පත් කර ගන්න, අධ්‍යාපනය ඉස්ලාමීය අධ්‍යාපනය බවට පත් කර ගන්න මේ යනාදි වශයෙන් ක්‍රියා කරනවා දැකීමෙන්. මේ පිරිස තමන්ගේ ශ‍්‍රී ලාංකේය සමාජය තුළම අරාබි සමාජයක් ඇති කර ගැනීමට උත්සාහයක් දරනවා. මේක මගින් එක් පැත්තකින් මුස්ලිම් ජනයා ස්වයංවම ඒ කියන්නේ තමන් විසින්ම අනෙක් ජනයාගෙන් වෙන් වෙනවා. සමාජ බෙදුම්වාදයක්, අර ඇපාතයිට් වාදයක් ගොඩනැගෙනවා. ඒ වගේම අන්‍ය පිරිස් ඔවුන් කෙරෙහි සැකෙන් බලන්න නිතැතින්ම පෙළඹෙනවා. ඒ නිසා මම හිතනවා තදබල වගකීමක් අපේ ඉස්ලාමීය සමාජයට විශේෂයෙන්ම අපේ මව්ලවි තුමාලා ඇතුළු ආගමික නායකත්වයට තිබෙනවා මේවා ගැන ක‍්‍රියා කරන්න. අපි නැවත ශ‍්‍රී ලාංකික වෙමු. මුස්ලිම් අනන්‍යතාවයට, ඉස්ලාම් අනන්‍යතාවය කිසි කෙනෙක් විරුද්ධ නැහැ. ඒ ගැන ඕනේ කෙනෙකුට දාර්ශනික සංවාද ඇති කරන්න පුළුවන්. නමුත් අපි මේ රටේ ඉන්නවා නම් මේ රටේ සිංහල, දෙමළ මුස්ලිම් ඒ ජනතාව එකට ජීවත් වෙනවා නම්, සිංහල දෙමල, ඉංග‍්‍රීසි භාෂා කතා කරගෙන අපේ සංස්කෘතීන් එකට මුසු කරගෙන, අපේ අධ්‍යාපනය එකට මුසු කරගෙන, අපේ නීති පද්ධතිය එකට මුසු කරගෙන අපි ශ‍්‍රී ලාංකික වෙමු කියන යෝජනාව අපි ඔබට ඉදිරිපත් කරනවා. ඒ වගේම මේ රටේ සාතිශය බහුතර 80% කට වැඩි පිරිස සාමකාමී මුස්ලිම්වරු. ඔවුන් ව්‍යාපාර කරගෙන, ආගම අදහාගෙන, දරුවෝ අධ්‍යාපනය ලබාගෙන ඒ වගේම වෘත්තීය මට්ටමෙන් ඉහළ තැන්වලට ආපු පිරිස්. මේ පිරිස් දුර්මුඛ කළොත්, දුර්වල කළොත් අපට අනාගතයේ අනිවාර්යයෙන්ම ඉතිරි වෙන්නේ ඛේදවාචයක් පමණයි. එමනිසා අපි මේ මධ්‍යස්ථ අපේ ජනතාවත් සමග ජීවත් වෙච්ච මේ පිරිස බලාත්මක කිරීමට, ශක්තිමත් කිරීමට අනෙකුත් සමාජයෙත් අප සියළු දෙනාගේමත් වගකීමක් තිබෙනවා ඔවුන්ව කොන් නොකර කටයුතු කරන්න.

ඒ නිසා මේ ස්ථර පහ විධිමත්ව හඳුනාගෙන ඒ ස්ථර පහට විවිධ උපාය මාර්ග හඳුනාගෙන අපි ක්‍රියාත්මක නොකළොත් මේ ප‍්‍රශ්න ආරක්‍ෂක හමුදාවලට විතරක් බාරදීලා අපට මේ ප‍්‍රශ්නය ජයගන්න ක‍්‍රමයක් නැහැ මිත‍්‍රවරුනි. අපි සමාජයක් හැටියට ඉදිරියේදීත් මේ සංවාදය ඉදිරියට ගෙන යමින් මේ කටයුත්තේ නියැලෙන්න අධිෂ්ඨාන කරගෙන තිබෙන බව ප‍්‍රකාශ කළ යුතුයි.

ඒ වගේම කියන්න ඕනේ අපි පෙරට වඩා දහස් ගුණයකින් අධිෂ්ඨාන කරගෙන තිබෙනවා කියලා මේ ත‍්‍රස්තවාදය මුලිනුපුටා දමන්න. අපි මේක ඉදිරියේ පළා යන්න, මේක ඉදිරියේ දෙදන නමන්න, මේ ඉදිරියේ අපේ දරුවෝ හංගගෙන ඉන්න අපට හැකියාවක් නැහැ. අපේ දරුවන්ට අනාගතයේ මේ රටේ ජීවත්වෙන්න අවශ්‍ය කරන වටපිටාව සකස් කරන්න නම් අපි මේ රට ඉතා ඉක්මනින් සාමකාමී තත්වයට ගෙන එන්න ඕනේ. ඒ සඳහා ඔබ අප සියළු දෙනාගේම කැපවීම අවශ්‍ය මොහොතක් මේක. මෙතනදී විශේෂයෙන්ම ජනාධිපතිතුමා අගමැතිතුමා මගේම විපක්ෂ නායකතුමා, ජනතාව බියවද්දන්නේ නැතිව එකට එකතු වෙලා එක ආරක්‍ෂක මණ්ඩලයක් ඇතුළේ ඉඳගෙන ජාත්‍යන්තරයට එක මතයක් ප‍්‍රකාශයට පත් කරමින් ක්‍රියා කළ යුතු වෙනවා. ඒ වගේම අපි යෝජනා කරනවා උත්තරීතර ආගමික මණ්ඩලයක් අපට අවශ්‍යයි. බෞද්ධ නායක ස්වාමීන් වහන්සේලා, කිතුණු, ඉස්ලාමීය, හින්දු අය නියෝජනය වෙන මේ ආගමික ගැටළු පිළිබඳව තීරණ අරගෙන ක්‍රියාත්මක කරන්න. එහෙම නැතිව මුස්ලිම් ප‍්‍රශ්නේ මුස්ලිම් අමාත්‍යාංශයට, බෞද්ධ ප‍්‍රශ්නේ බෞද්ධ අමාත්‍යාංශයට කියල ඇඟ බේර ගන්න හීතල දේශපාලනයකින් මේකට නායකත්වය දෙන්න බැහැ. ප්‍රශ්නයට මුහුණ දීලා, දේශපාලන නායකත්වය දීලා ඒක අප විසඳිය යුතුයි. අද අපි හැමවෙලාවෙම කරන්නේ හැම ප‍්‍රශ්නෙම ලිස්සලා යවනවා එක එක තැන්වලට. ඒක නිසා උත්තරීතර ආගමික උපදේශක මණ්ඩලයක් පිහිටුවලා මේ සම්බන්ධයෙන් අපි ක්‍රියාකළ යුතු වෙනවා. ඒ නිසා අපි විවිධ දේශපාලන පක්ෂවලට අයිති උනත් අපි අද එක අරමුණක සිටිය යුතුයි.

අපේ මේ රටේ ඉතිහාසයේ වැදගත් ජනාධිපතිවරණයක් අනාගතයේ එනවා. අපේ අතීතයේ 2010, 2015 පවත්වපු ජනාධිපතිවරණ හැර අනෙකුත් සෑම ජනාධිපතිවරණයක්ම හිංසාවාදය නිසා ඒ ජනාධිපතිවරණ ප‍්‍රතිඵලයට විකෘතියක් ඇති උනා. ඡන්ද වර්ජනය කළා, හිංසාවාදය විසින් ආවේගශීලිව ඡන්දය පිළිබඳ තීරණ ගත්තා. ඒ නිසා මේ රටේ ඉරණම තීන්දු වෙන්න යන ඒ ජනාධිපතිවරණයත් ලේ වැකුණු හිංසාවාදී ක්‍රියාවලින් අපි ඒ කැළැල්කරගත යුතු නැහැ. සාමකාමී වටපිටාවක එය පැවැත්වීමට අධිෂ්ඨාන කර ගත යුතුයි. ඒ නිසා ඉදිරි මාස කිහිපය තුළ මේ ත‍්‍රස්තවාදයේ ඉතුරු බිතුරු සොයලා විනාශ කරන්නත් අපේ සාමාජය ශක්තිමත් ඉදිරියට ගෙනයන්නටත් අපි කටයුතු කළ යුතුයි.

ඒ වගේම FBI එකෙන් උපදෙස් ගන්න කලින් අසල්වැසි නවීකරණය වූ ඉස්ලාමීය රටවල්වලින් අන්තවාදය පරාජය කරන ආදර්ශයන් අප ලබාගත යුතුයි. ඒ වගේම අලූත් සබැඳියාවන් අපි ඇතිකර ගත යුතුයි. පරණ ඉස්ලාමීය ප‍්‍රශ්න, බෞද්ධ දෙමළ ප‍්‍රශ්න, ක්‍රිස්තියානි – බෞද්ධ ප‍්‍රශ්න මේ සියල්ල අපි අමතක කරලා අලූත් සබැඳියාවක් විසින් උතුරත් – දකුණත්, නැගෙනහිරත් – බටහිරත් එකට නැගී හිඳලා මේ ජාතික අභියෝගය ජයගන්න අපි ක්‍රියාකළ යුතුයි. යම් අයෙකුට කොන්ද පණ නැත්නම්, යම් යම් අයට මේකට මුහුණ දීමට හැකියාවක් නැත්නම්, මේක මගහරිනවා නම් ඒ සියළු දෙනාවම ඉවත් කරන්න උනත් අපි අධිෂ්ඨානශීලි විය යුතුයි කියන එක මේ අවස්ථාවේ කියන්න ඕනේ, අද රටට අවශ්‍ය එයයි. රටට අවශ්‍ය ඒකාධිපතියෙක් නෙමෙයි. පවුල්වාදයෙන් හෙම්බත් වෙච්ච රටක අවශ්‍යතාවය, එවැනි ක්‍රියාවලියකින් මතුවන පුද්ගලයෝ නෙමෙයි. අද රටට අවශ්‍යතාවය නිපුණතාවයත් එක්ක, කුසලතාවයත් එක්ක හැකියාවත් එක්ක මේ රටේ විවෘතව පැතිරී සිටින වෘත්තීයවේදීන්, දේශපාලන බේදයකින් තොරව හැම පක්ෂයකම සිටින පුළුල් එකමුතුවකින් මේ ත‍්‍රස්තවාදය ජයගෙන, මේ රටේ ජනතාවට තමන්ට සුදුසු ප‍්‍රජාතන්ත‍්‍රික විදිහට ඊ ළඟ ජනාධිපතිවරයා හෝ රාජ්‍ය පාලනය තෝරාගැනීමට ඉඩදීමයි. ඒ සඳහා ඉදිරි කාලයේදී සෑම නගරයකම, සෑම වැඩබිමකම, සෑම ස්ථානයකම සංවිධානය වෙන්නැයි කියා ඔබෙන් ඉල්ලා සිටින අතර අපි ඔබ සමග එකතුව ඒ ගමන යාමට අධිෂ්ඨානයෙන් පියවර තබන ප‍්‍රකාශ කරමු, යැයි පැවසීය.

 

Post Views: 1
Previous Post

IDA වෙතින් ඇමෙරිකානු ඩොලර් මිලියන 70 ක ණය මුදලක්

Next Post

කැනඩා රැකියා පෙන්වා මුදල් වංචාකල කත දැලේ…

editor

editor

Next Post

කැනඩා රැකියා පෙන්වා මුදල් වංචාකල කත දැලේ...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved