• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජාතික ආරක්ෂාව ගැන සමාලෝචන සභාව මාසිකව කැඳවීමට ජනපති තීරණය කරයි

25 May 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සියලු පාර්ශ්වයන්ගේ අදහස් සහ යෝජනා මෙන්ම සහයෝගය ලබා ගනිමින් රටේ ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීමේ ක්‍රියාවලියේ දී එම කටයුතු සමාලෝචනය කිරීමේ සභාවක් මාසිකව කැඳවීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කර තිබේ.

එහි පළමු රැස්වීම ඊයේ (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා ප්‍රධානත්වයෙන් පැවැත්වු අතර ඒ සඳහා මහා සංඝරත්නය ප්‍රමුඛ සර්ව ආගමික නායකයන් ද, කථානායක කරූ ජයසූරිය, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් සහ ජ්‍යෙෂ්ඨ මැති ඇමතිවරුන් ද, ආණ්ඩුකාරවරුන්, පක්ෂ නායකයන් ඇතුළු නියෝජිතයන් ද, විශ්වවිද්‍යාල උපකුලපතිවරු, මහාචාර්යවරු අතුළු විද්වතුන් ද, ජනාධිපති ලේකම්, ආරක්ෂක ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ වැඩබලන පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන් සාකච්ඡාවට එක්ව සිටියහ.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ ශ්‍රී ලංකාව තුළ ත්‍රස්ත ක්‍රියාකාරකම් අවසන් වුව ද ලෝකයේ අනෙකුත් රටවල් මෙම ත්‍රස්ත සංවිධානය පිළිබඳ ලබා ඇති අත්දැකීම් අනුව රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව අඛණ්ඩව දැඩි අවධානයකින් පසුවීම ඉතා වැදගත් බවයි.

මෙම ජාත්‍යන්තර තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් රටේ ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීමේ දී සියලු පාර්ශ්වයන්ගේ සහාය ඊට අවශ්‍ය බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

මෙම රැස්වීම මසකට වරක් කැඳවීමට අපේක්ෂා කරන බව පැවසූ ජනාධිපතිවරයා ජාතික ආරක්ෂක වැඩපිළිවෙළේ යම් අඩු පාඩු හා දුර්වලතා තිබේ නම් ඒ පිළිබඳ මෙහිදී අදහස් ඉදිරිපත් කළ හැකි අතර අදහස්, යෝජනා, ගැටලු මෙන්ම චෝදනාවලට ද මෙම සභාව විවෘත බව කියා සිටියේය.

මෙහිදී අදහස් දැක්වූ කතානායක කරූ ජයසූරිය මහතා පෙන්වා දුන්නේ විදෙස් රටවල තානාපතිවරු සමඟ සාකච්ඡා කිරීමට තමාට පසුගිය දින කිහිපයේ අවස්ථාව ලැබුණු අතර රටේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳව ඔවුන් සියලුදෙනා සෑහීමකට පත්ව සිටින බවයි. ඒ අනුව සංචාරකයන් සඳහා ඇතැම් රටවල් පනවා තිබූ බාධක කඩිනමින් ඉවත් කර ගැනීමට කටයුතු කරනු ඇති බවත්, ඉතා කෙටි කලක් තුළ සංචාරක ව්‍යාපාරය යථා තත්ත්වයට පත්කරගත හැකි වනු ඇති බවටත් කතානායකවරයා විශ්වාසය පළ කළේය.

විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අදහස් දක්වමින් රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ කටයුතුවල දී දේශපාලන කෝණයකින් නොබලා සියලු දෙනා එක්ව කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කළේය.

එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂීම් මහතා අදහස් දක්වමින් පෙන්වා දුන්නේ මෙම සිදුවීමට අදාළව මාධ්‍ය සහ සමාජ මාධ්‍යවල හැසිරීම පාලනයකට ලක්වීම ඉතා වැදගත් බවයි.

දෙමළ සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා අදහස් දක්වමින් මෙරට ආරක්ෂක අංශවල උපරිම සහයෝගය සියලු ජනතාවට හිමිවීම ඇගැයීමට ලක් කළේය.

ආචාර්ය සරත් අමුණුගම මහතා අදහස් දක්වමින් පෙන්වා දුන්නේ ත්‍රස්තවාදින්ට මුදල් ගලා ඒම සහ එම මුදල් සංසරණය පිළිබඳවත් අවි ආයුධ ඇතුළු යුද උපකරණ ලැබීම පිළිබඳවත් ගැඹුරින් සොයාබැලීමේ පුළුල් පරීක්ෂණ අවශ්‍ය බවයි.

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක පූජ්‍ය ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර නායක ස්වාමින් වහන්සේ අදහස් දක්වමින් මෙම සිදුවීමේ දී රටේ සියලු ආගමික නායකයන්ගේ කාර්යභාරය ඉතා විශාල බවත්, රටේ ජාතික සමඟිය තහවුරු කිරීමට එම සියලුදෙනාට පුළුල් වගකීමක් පැවරී ඇති බවත් කියා සිටියහ.

සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානයේ සභාපති එම්.අයි.එම්. රිස්වි මවුලවිතුමා ද අදහස් දක්වමින් පෙන්වා දුන්නේ සියලුදෙනාට ප්‍රධාන විය යුත්තේ රට බවත්, රට වෙනුවෙන් ඕනෑම සහයෝගයක් ලබාදීමට කැපවන බවත්ය.

ආණ්ඩුකාරවරුන් ද අදහස් දැක්වූහ. ප්‍රජා පොලිස් ඒකක වෙනුවට ප්‍රාදේශීය ප්‍රජා ආරක්ෂක කමිටු වඩා ශක්තිමත්ව සහ විධිමත්ව ස්ථාපනය කිරීම තුළින් ජාතික ආරක්ෂවට වඩා පුළුල් සේවාවක් ලබාගැනීමට හැකිවනු ඇති බවට එහිදී විශ්වාසය පළ කෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කියා සිටියේ මෙම සියලු කරුණු පිළිබඳ පුළුල් අවධානයක් යොමු කරන අතර, ජාතික ආරක්ෂක මණ්ඩලයේ දී මෙම සියලු කරුණු සාකච්ඡාවට බඳුන් කරමින් විධිමත් වැඩපිළිවෙළක් හරහා ඒවා ක්‍රියාවට නැංවීමට කටයුතු කරන බවයි.

ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් අසංක අබේගුණසේකර මහතා අදහස් දක්වමින් අසත්‍ය ප්‍රවෘත්ති වැළැක්වීම පිළිබඳ නව පනත් සම්පාදනය ඇතුළු ක්‍රියාමාර්ග පිළිබඳ විස්තර කළහ.

ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු ආරක්ෂක ප්‍රධානිහු ද අදහස් දැක්වූ අතර මෙම ත්‍රස්ත සිදුවීම ජාත්‍යන්තර ත්‍රස්ත ක්‍රියාකාරකමක් බැවින් ජාත්‍යන්තර බුද්ධි අංශවල සහයෝගය ලබාගනිමින් එහි ක්‍රියාකාරත්වය වැළැක්වීමට ගෙන තිබෙන පියවර පිළිබඳව කරුණු ඉදිරිපත් කළහ.

Post Views: 2
Previous Post

කුරූණෑගල ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයෙකු අත්අඩංගුවට

Next Post

රාජ්‍ය සේවකයින් බලු – කපුටු ආත්ම ලැබීම වැළැක්වීමට අභ්‍යන්තර විගණනය ශක්තිමත් විය යුතුයි

editor

editor

Next Post

රාජ්‍ය සේවකයින් බලු - කපුටු ආත්ම ලැබීම වැළැක්වීමට අභ්‍යන්තර විගණනය ශක්තිමත් විය යුතුයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

9 May 2025
අදත් වෙඩි තැබීමක්  – 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට

කොට්ටාවේ දී වෙඩි වැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට

9 May 2025

Recent News

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

9 May 2025
අදත් වෙඩි තැබීමක්  – 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට

කොට්ටාවේ දී වෙඩි වැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved